GUI නැතුව Computer එකේ එහෙ මෙහෙ යන්න අවශ්‍යම Terminal Commands 10 ක්

GUI එකක් නැතුව Terminal එකෙන් Computer එකේ එහෙ මෙහෙ යන්න අවශ්‍යම Commands 10ක් ගැන මේ ලිපියේ මන් ලියලා තියෙනවා.

දැන් ඔයා Computer එකේ ඉන්න තැන, ඔයා කලින් හිටපු තැන, වෙනත් Folders වලට යන විදිහ, ආයේ Home එකට එන විදිහ, අලුතෙන් Files Folders හදන හැටි, Links හදන හැටි මේ ලිපියෙන් ඔයාට සියලු විස්තර එක්ක දැනගන්න ලැබෙයි.

01. ඔයා දැන් ඉන්න Folder එක

ඉතින් Terminal එක ඔයා මුලින්ම Open කරාම මුලින්ම ඔයා දැනගන්න ඕනේ දේ තමයි ඔයා දැන් ඉන්න තැන මොකක්ද කියන එක.

ඉතින් ඔය දැන් ඉන්න තැන දැන ගන්න නම් පහල තියෙන විදිහට,

pwd 

Command එක ගහන්න. pwd කියන Command එකේ තේරුම වෙන්නේ Print Working Directory කියන එක. 
ඉතින් මේ Command එක ඔය ගැහුවම ඔයාගේ output එක එන්නේ /home/username/ වගේ output එකක් ඉතින් ඔයාට එකෙන් දැන ගන්න පුළුවන් ඔයා Computer එකේ Hard එකේ කොහෙද ඉන්නේ කියලා.

02. ඔයා දැන් ඉන්න Folder එක ඇතුලේ තියෙන අනිත් Files Folders

ඉතින් ඔයා වෙන Folders ඇතුලට යන්න කලින් දැන ගෙන ඉන්න එපැයි දැන් ඉන්න Folder එකේ තියෙන අනිත් Folders Files මොනවද කියල. ඉතින් අනිත් Files Folders වල List එකක් ගන්න නම් අපි, ls Command එක ගහන්න ඕනේ. එතකොට අපිට අපි දැන් ඉන්න Folder එක ඇතුලේ තියෙන අනිත් Files Folders වල List එකක් Output එක විදිහට ලැබෙනවා.

ඉතින් තාමත් List එකෙන් පෙන්නන තොරතුරු මදි කියලා අමාරුවක් තියෙන එකෙක් නම් උබ,

ls -a  

Command එකෙන් අපිට Hidden Files ඇතුළුව සියලු Files තියෙන Output එකක් ලැබෙනවා.

ls -lt

ඉතින් ඔයාට Files Folders හදපු දවස, ඒවා හදපු User, ඒවා සඳහා අපිට තියෙන Permissions ඔක්කොම එක්ක List එකක් ඕනේ නම් මේ Command එක ඔයාට හොඳටම Fit වෙනවා.

03. Folders වල එහෙට මෙහෙට යන්න

ඉතින් ඔයාට එහෙ මෙහෙ යන්න පාවිච්චි කරන්න තියෙන Command එක වෙන්නේ "cd" කියන Command එක. මේ Command එකේ තේරුම වෙන්නේ Change Directory කියන එක. ඉතින් ඔයාට Folder එකක් එහෙම ඇතුලට යන්න ඕනේ නම්,
cd folder-එකේ-නම

ඔන්න තවත් මතක තියාගන්න ඔයාගේ Computer එකේ Places ටිකක්,

” / ” කියන්නේ අපේ Hard එකේ නැත්නම් Linux File System එක පටන් ගන්න තැන. ඉතින් Linux File System එක පටන් ගන්න තැනට යන්න ඕනේ නම්

cd /

Command එක ගහන්න. ඒවගේ,
” ~ ” කියන්නේ අපේ Home Folder එක
” .. ” අපි දැන් ඉන්න Folder එකෙන් Back එකක් ගියාම යන Folder එක

04. අපේ Home Folder එකට යන්නේ කොහොමද

cd ~
Command එක ගහන්න. ඔයා එතකොට ඔයාගේ Home Folder එකට යයි. 

05. Back එකක් යන්නේ කොහොමද

cd ..
Command එක ගහන්න. එතකොට ඔයා දැන් ඉන්න Folder එකෙන් ඔයා කලින් හිටපු Folder එකට යයි. කෙටියෙන්ම කිව්වොත් Back එකක් යයි.

06. අලුතෙන් Folder එකක් හදන්නේ කොහොමද

අලුතෙන් Folders හදන්න mkdir Command එක පාවිච්චි කරන්න.

 mkdir අලුත්-folder-එකේ-නම

07. අලුතෙන් Files හදන්නේ කොහොමද

අලුතෙන් Files හදන්න ” touch ” command එක පාවිච්චි කරන්න.

 touch file-එකේ-නම

08. File Rename කරන්නේ Move කරන්නේ කොහොමද

File Rename කරන්න File එහෙ මෙහෙ move කරන්න.

ඉතින් ඔයාට file එකක් rename කරන්න ඕනේ නම්. example එකක් හැටියට හිතන්නකෝ test1 කියල file එකක් තියෙනවා කියලා. ඔයාට ඕනේ මේ file එකේ නම file2 කරන්න. ඉතින් මේ විදිහට මේ File එක Rename කරන්න නම් ඔයාට,

mv file1 file2

Command එක පාවිච්චි කරන්න වෙනවා.

ඉතින් ඔයාට File එකක් කොහෙට හරි Move කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාට File එක move කරන්න නම්,

mv move-කරන්න-යන-file-එකේ-නම move-කරන්න-යන-location-එක

09. Files Copy කරන්නේ කොහොමද

ඉතින් ඔයාට File එකක් කොහෙට හරි Copy කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාට File එක copy කරන්න නම්,

cp copy-කරන්න-යන-file-එකේ-නම copy-කරන්න-යන-location-එක

10. Files Delete කරන්න

ඔයාට Files delete කරන්න,

rm file-එකේ-නම

ඔයාට Folders delete කරන්න ඕනේ නම්,

rm -r file-එකේ-නම

ඉතින් ඔය Commands ටික Master කලා කියන්නේ ඉතින් උබට දැන් GUI එකක් ඕනේම නැති වෙයි. 🙂

එල එහෙනම් ඊලග ලිපියෙන් Set වෙමුකෝ ආයේ. එහෙනම් මම ගියා.

Leave a comment