ලෝකෙට හොරෙන් Internet යන්න Tor Browser එක Ubuntu වලට දාමු.

ඉතින් දන්නවනේ අද රටේ තත්වේ. මේ රටේ තත්වෙත් එක්ක Social Networks එහෙමත් Block කරලා තියෙන්නේ. ඉතින් අපි. Linux Users ලා. මේ වගේ Social Network Block කිරිල්ලක් එක්ක හැප්පෙන්න තියෙන හොඳ Method එකක් තමයි Tor Browser එක දාගන්න කරගන්න එක.

Tor Browser එක ඉතින් Cross-Platform නේ. ඒ කිව්වේ Tor Browser එක Windows, Mac, Linux කියන හැම Platform එකෙන්ම පාවිච්චි කර හැකි.

ඉතින් හැම Platform එකටම තියෙන මේ Tor Browser එක Ubuntu Install කරන විදිහ තමයි අද අපි බලන්න යන්නේ.

Tor Ubuntu වල Install කරමු

පියවර 01: Tor website එකට යන්න

Tor website එකට ගිහින් Tor වල Linux වලට තියෙන Setup එක ගන්න (Setup එකක් කිව්වට එක Extract කරන්න එන File එකක්).

පියවර 02: Download කරපු Tor File එක Extract කරගන්න

Download කරපු Tor File එක Extract Here දීලා Extract කරගන්න.

Extract කරාට පස්සේ හැදෙන Folder එක ඇතුලට යන්න.

පියවර 03: Tor Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න.

Tor Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න. Tor Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න නම් Folder එක ඇතුලට ගිහින් Right Click කරන්න එතකොට එන Options වලින් Open In Terminal කියන Option එක තෝරන්න.

ඊට පස්සේ,

./start-tor-browser.desktop

Command එක ගහන්න.

එතකොට Tor Browser එක Open වෙයි.

මෙතනින් Connect Button එක ඔබන්න.

එච්චරයි. ඔන්න එහෙනම් ඔයා Tor Browser එකත් උබුන්ටු වල පාවිච්චි කරනවා. පට්ට බන්. උබ එල කොල්ලෙක්.

එහෙනම් ඊලග ලිපියෙන් සෙට් වෙමු. ජය!

Leave a comment