Terminal එකෙන් ඕනම Website එකක් Download කරමු

ඉතින් යාලුවනේ අද අපි බලන්න යන්නේ ඕනම Website එකක Complete Files නැත්නම් Source Code එක සැරේ Terminal එක පාවිච්චි කරලා Download කරන විදිහ ගැන.

ඉතින් බලන්නකෝ මේ Terminal එක අපිට කොච්චර උදව් වෙනවද කියලා. මම Linux වලට ගොඩක් ආදරේ කරන්නෙත් එකේ තියෙන Windows වල නැති Terminal එක නිසා.

එහෙනම් Website එකක් Download කරමු.

පියවර 01: Website එක Download කරන්න Folder එකක් හදන්න.

මුලින්ම Website එකේ Files Download කරලා Save කරගන්න Folder එක හදන්න. ඊට පස්සේ ඒ Folder එක ඇතුලට යන්න.

02. දැන් Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න

Right click කරලා “Open In Terminal” option එක තෝරන්න.

දැන්,

sudo wget www.ikman.lk

කියන Command එක ගහන්න. මෙතන ikman.lk වෙනුවට ඔයාට Files ගන්න ඕනේ Website එකේ Address එක ගහලා Enter කරන්න.

බූම්! ඔන්න දැන් ඔයාට ඕනේ Files ඔයාගේ Folder එකේ Save වෙලා ඇති. ගිහින් බලන්න.

ඉතින් මේ ලිපිය ඔයාට මොනම විදිහකින් හරි උදව්වක් වෙන්න ඇති කියල හිතනවා. එහෙනම් ඊලග ලිපියෙන් හම්බ වෙමු. ජය!

Leave a comment