උබුන්ටු 19.04 එකත් එක්ක ආපු අලුත් වැඩකෑලි

ඉතින් උබුන්ටු වල අලුතෙන් ආපු වැඩ කැලි ගැන දැනගන්න ඔයාට මේ Video එක බලන්න පුළුවන් (හැබැයි ඉංගිරිසියෙන් තියෙන්නේ) නැත්නම් මේ ලිපිය කියවන්නත් පුළුවන්


උබුන්ටු අලුත් Version එක Release උන දවස,

ඉතින් උබුන්ටු 18.10 Version එක 2018 අවුරුද්දේ 10වෙනි මාසේ Release උනාට පස්සේ සති 26 ක Development එක ඉවර කරමින් උබුන්ටු 19.04 Version එක අප්‍රියෙල් 18 වෙනිදා Release උනා.

උබුන්ටු Release වෙන්නේ බ්‍රහස්පතින්දාවල් වල විතරයි කියනවනේ. ඒවගේ මේ පාර Version එකත් Release උනේ බ්‍රහස්පතින්දාවක.

ඉතින් ගිය පාර උබුන්ටු Distro එකට B වලින් පටන් ගන්න නමක් වෙන Bionic Beaver දැම්මා වගේ මේ පාර Distro එකට දාල තියෙන නම වෙන්නේ D වලින් පටන් ගන්න Disco Dingo කියන නම.

0. පට්ට Wallpaper එකක් අලුත් උබුන්ටු Release එකත් එක්ක

දැක්කද අලුත් Version එකත් එක්ක අපු Disco Dingo කියන සතාගේ Art එකක් තියෙන පට්ට Wallpaper එක. ඔය තියෙන්නේ පහල.

01. Yaru Theme එක දැන් ගොඩක් Icons වලට Support කරනවා

ඔයාල දන්නවනේ ගිය පාර Version එක ඒ කියන්නේ 2018 10 වෙනි මාසේ අපු Version එකත් එක්ක උබුන්ටු වලට මාර ලස්සන Theme එකක් ආවා Yaru කියලා. ඉතින් මේ Theme එක අපු ගමන් හින්ද ගොඩක් Softwares වල Icons වලට Support කලේ නෑ. එත් අලුත් උබුන්ටු Release එකත් එක්ක Yaru කියන Theme එක උබුන්ටු Team එක ගොඩක් Develop කරලා තියෙනවා. දැන් Yaru theme එක ගොඩක් ලස්සන ගොඩක් Softwares වල Icons වලට Support කරන Theme එකක් වෙලා.

02. Gnome 3.32 ඩෙස්ක්ටොප් Enviroment එක

අලුතෙන් ආපු උබුන්ටු 19.04 Distro Version එකේ ඩෙස්ක්ටොප් Enviroment එක වෙලා තියෙන්නේ උබුන්ටු Developers ලගේ අලුත්ම ඩෙස්ක්ටොප් Enviroment Version එක වෙන Gnome 3.32 ය.

03. Software වල Permissions Control කරන්න System එකක්

ඔයාල දන්නවනේ Android වල එහෙම Settings වලට ගිහින් අපිට මොන Apps වලට මොන Permissions ද තියෙන්නේ කියලා. ඒවගේම අපිට අවශ්‍ය විදිහට Permissions වෙනස් කරන්නත් පුළුවන්. ඒවගේම System එකක් උබුන්ටු අලුත් Version එකත් එක්ක වලටත් ඇවිල්ලා තියෙනවා.

05. අපි ආසම Terminal එකට පොඩි පොඩි අලුත් වැඩ කෑලි ටිකක්

ඉතින් අපි හැමදාම උබුන්ටු පාවිච්චි කරද්දී පාවිච්චි කරන Teminal එකට අලුත් වැඩ කලි ටිකක් ඇවිල්ලා තියෙනවා.

06. ඔයාගේ ඇස් පරිස්සන් කරගන්න තියෙන Night Light Mode එක තවත් දියුණු කරලා

අලුත් උබුන්ටු Version එකේ Release වීමත් එක්ක උබුන්ටු Team එක උබුන්ටු වල Night Mode එකේ Options වලට පොඩි දියුණු කිරීම් ටිකක් කරලා.

07. Audio Settings වලටත් දියුණු කිරීම් ටිකක්

මේ පාර උබුන්ටු Release එකත් එක්ක Audio Amplification වගේ Audio settings වල Options වලට අලුත් වැඩි දියුණු කිරීම් ටිකක් කරලා.

08. Linux කර්නල් 5.0 ත් Linux ලෝකයට Release වෙයි

ගොඩක් Hardwares වලට උබුන්ටු වලින් තියෙන Support එක තවත් වැඩි දියුණු කරමින් Linux කරනල් 5.0 Release වෙයි.

09. AMD Graphic Card තියෙන අයට Mesa කියලා Graphic Library එකක්

ඔන්න හොඳ News එකක් AMD Graphic Cards තියෙන අයට. MESA කියලා AMD graphic Library එකක් Release වෙලා තියෙනවා අලුත් උබුන්ටු Release එකත් එක්ක. ඒ කියන්නේ AMD Graphic Card වලටත් දැන් උබුන්ටු Support කරනවා කියන එකනේ.


ඉතින් මේ වගේ ප්‍රදාන දියුණු කිරීම් වලට අමතරව උබුන්ටු වල Speed එක User Experience එක වගේ දේවල් මත උබුන්ටු Team එක ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. ඒ මහන්සියේ ප්‍රතිපලයක් වශයෙන් උබුන්ටු 19.04 අනිත් උබුන්ටු Versions එක්ක බැලුවම Speed, Smooth, More User Friendly Version එකක් වෙලා තියෙනවා.

උබුන්ටු වෙනුවෙන් Disco Dingo ඉන්න පට්ට Wallpaper එකක්

උබුන්ටු Fan කෙනෙක් උබුන්ටු වෙනුවෙන් Disco Dingo ඉන්න පට්ට Wallpaper එකක් හදලා.

අලුත් උබුන්ටු Version 19.04 බාගන්න

එහෙනම් ඔය විදිහට උබුන්ටු 19.04 Version එකේ Release එකත් එක්ක Linux ලෝකේ උබුන්ටු තමන්ගේ නම තවත් ඉදිරියට ගෙනියනවා.

එහෙනම් මේ ලිපියත් මේ විදිහට ඉවර වෙනවා. ඊලග ලිපියෙන් හම්බවෙමුකෝ. ජය!

Leave a comment