උබුන්ටු වල Brightness අඩු කරමු

උබුන්ටු වල Brightness අඩු කරමු කිව්වට ඉතින් මේ ක්‍රමය ගොඩක් Linux ඩිස්ට්‍රො වලට වැඩ කරනවා.

ඉතින් ඔයාල දන්නවනේ අපි Linux ඩිස්ට්‍රො එකක් එක දිගට පාවිච්චි කරද්දී අපේ ඇස වලට එහෙම අමාරු වෙනවා කියලා.

ඉතින් උබුන්ටු වල නම් තාම එයාලගේ Updates වලින් Brightness Control කරන්න පහසුකම් අපිට දීලා නෑ.

ඉතින් අපි අද බලන්න යන්නේ වෙනම Software එකක් පාවිච්චි කරලා උබුන්ටු ඇතුළුව අනෙකුත් ඩිස්ට්‍රො වල Screen එකේ Brightness අඩු කරන්නේ කොහොමද කියලා.

ඉතින් මේ Software එකේ නම Brightness-Controller. ඉතින් අපි මුලින්ම බලමු මේ Software එක Install කරන්නේ කොහොමද කියලා.

Brightness-Controller එක Install කරමු

හැම දෙයක්ම කරන්න කලින් Terminal එක Open කරගන්න.

Terminal එක Open කරගත්තට පස්සේ,

sudo add-apt-repository ppa:apandada1/brightness-controller
sudo apt-get update
sudo apt-get install brightness-controller

Commands තුන පිළිවෙලට ගහලා Brightness-Controller එක Install කරගන්න. ඊට පස්සේ ඔයාට Application Menu එකට ගිහින් Brightness-Controller එක Open කරගතහැකි.

ඉතින් Brightness-Controller එක Open කරගත්තට පස්සේ එකත් එක්ක ඔයාට ඕන විදිහට Brightness Adjust කරගන්න.

තව දෙයක්,

ඔයාට Brightness Controller එක අයින් කරන්න ඕනේ නම්,

sudo apt-get remove brightness-controller && sudo apt-get autoremove

Command එක ගහන්න.

ඉතින් එහෙනම් අද ඔන්න මම Brightness Adjust කරන විදිහ ගැන ලිපියක් ගේනවා. ඉතින් ඔයාට මේ Software එක Install කරගද්දී හරි පාවිච්චි කරද්දී හරි ප්‍රශ්නයක් අවා නම් පහලින් Comment කරන්න. එහෙනම් ඊලග ලිපියෙන් සෙට් වෙමු. ජය!

Leave a comment