Nmap Hacking Tool එක උබුන්ටු වල

ඉතින් ඔයාල දන්නවනේ කාලි linux වල තියෙන Nmap කියන ටූල් එක ගැන. ඉතින් ඔයා දන්නවා නම් ඊලග Section එකට යන්න හැබැයි ඔයා දන්නේ නැත්නම් මොකක්ද මේ ටූල් එක කියන්නේ කියලා Nmap කියන්නේ අපි Connect වෙලා ඉන්න Wire, Wireless Router එකට Connect වෙලා ඉන්න අනිත් Computer Scan කරලා එවල තොරතුරු එකතුකරගන්න Software එකක්. මන් මෙතන තොරතුරු කිව්වේ එයාලගේ Computer එක Windows නම් Windows Version එක Linux නම් Linux Distro එක. එයාලා පාවිච්චි කරන Softwares, Packages මොනවද. එයාලගේ මේ වෙලාවේ මොන Ports ද Open වෙලා තියෙන්නේ වගේ තොරතුරු.
ඉතින් මේ වගේ තොරතුරු එකතු කරන එක Hacking කිරීමේ පලවෙනි පියවරයි. මේ විදිහට තොරතුරු එකතු කිරීම අපි Hacking ලෝකේ හදුන්වන්නේ reconnaissance කියලා. ඉතින් අපිට reconnaissance කරන්න ගොඩක් විදිහවල් තියෙනවා අපිට Nmap සහ අනෙකුත් Softwares, Tools පාවිච්චි කරන්න පුළුවන් තව අපේ Target එක ගැන තොරතුරු හොයන්න එයාලගේ Internet එකට Connect කරලා තියෙන CCTV බලන්න පුළුවන් මේවගේ ගොඩක් විදිහවල් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Nmap Install කරගන්න විදිහ ගැන. මොකද මන් ඉදිරියට Nmap ටූල් එක ගැන Tutorial Series එකක් ගෙන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් nmap උබුන්ටු වල Install කරන්න,

sudo apt-get install nmap

Command එක ගහන්න.
ඉතින් ඒ Command එක ගහලා Install කරන්න. ඉතින් අදින් පස්සේ මම Linux සාමාන්‍ය ලිපි වගේම Linux Hacking වල Nmap ටූල් එකේ ලිපිත් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එක්කම ඉන්න.

ඊලග ලිපියෙන් හම්බවෙමු. ජය!

Leave a comment