Ubuntu වලින් Software අයින් කරමුද?

ඉතින් ඔයා දන්නවනේ උබුන්ටු වලට Softwares Terminal එකෙන් Install කරන එක ගොඩක් ලේසි කියලා.

ඉතින් අද අපි බලන්න යන්නේ එකේම අනිත් පැත්ත ඒ කිව්වේ උබුන්ටු වලින් Software එකක් අයින් කරන විදිහ. ඉතින් මේ අයින් කරන විදිහත් හරිම ලේසි.

ඉතින් උබුන්ටු වලින් Software එකක් අයින් කරන්න නම් මුලින්ම Terminal එක ඔපෙන් කරගන්න. ඊට පස්සේ,

sudo apt-get remove software-එකේ-නම

අන්න ඔය විදිහට ඔයාට ඕනේ Software එකේ නම අගට ගහල Enter කරන්න. බූම්! Software එක අයින් උනා. දැක්කනේ Terminal එකේ බලේ.

එහෙනම් අයෙත් Terminal එකේ බලේ පෙන්වන ලිපියකින් හම්බ වෙමුකෝ. ජය!