Linux එකේ Desktop එකට Shortcuts දාමුද?

ඉතින් මේ ලිපියෙන් අපි ඉගෙන ගන්න යන්නේ ඔයාගේ Linux Distro එකේ Desktop එකේ Shortcuts දාගන්න නැත්නම් හදාගන්න විදිහ ගැන.

ඉතින් මම නම් Shortcuts Desktop එකේ තියෙනවට වඩා Favourites Bar එකේ තියෙනවට කැමති. එත් හැම කෙනාටම එක වගේ Preference එකක් නැනේ ඒ හින්දා ඔයා Desktop එකේ Shortcuts තියෙනවට ගොඩක් කැමති ඇති.

එහෙනම් අපි Desktop එකේ Shortcut එකක් හදන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් ම Method එක අපි පාවිච්චි කරමු.

අවධානය පිණිසයි:
මේ ලිපියේ මේ method එක හරහා යෑමට මන් භාවිතා කලේ Ubuntu 19.04 Distribution එකයි. එම නිසා ඔබ වෙනත් Distribution එකක් පාවිච්චි කරනවා නම් මෙහි අප ගන්න පියවරයන්හි යම් කිසි වෙනස් කම් ඇති විය හැක. බොහෝ වෙලාවට එවැනි වෙනස් කම් වන අවස්ථා අඩුය. නමුදු ඔබගේ අවදානය පිණිසයි.

සියල්ලට කලින්,

අපි අපේ වැඩ පටන් ගන්න කලින් ඔයා ඔයාගේ Desktop එකේ Icons දාන Option එක Enable කරලා ඉන්න ඕනේ. ඉතින් ඒ Option එක Enable කරන්න නම් Gnome Tweak Tools Install කරගන්න. Gnome Tweak Tools Install කරගන්න නම්,

sudo apt-get install gnome-tweaks 

Command එක පාවිච්චි කරන්න.
ඊට පස්සේ මේ පින්තුරේ තියෙන විදිහට Show Icons Option එක Enable කරන්න.

පියවර 1: .desktop files තියෙන තැනට යන්න

Other Locations —> Computer එකට යන්න.

ඊට පස්සේ usr -> share -> applications Folder එකට යන්න. එතනට ගියාම ඔයාගේ Computer එකේ මේ වෙද්දී Install කරලා තියෙන Softwares ඔක්කොගෙම Shortcut ලිස්ට් එකක් ඔයාට දකින්න පුළුවන් වෙයි.

පියවර 2: .desktop Shortcuts Desktop එකට Copy කරමු

ඔයාට Desktop එකට Add කරගන්න ඕනේ Software එකේ Shortcut එක Desktop එකට Copy කරන්න.

පියවර 3: Shortcut එක Open කරන්න

දැන් ඉතින් තව මොනවා බල බල ඉන්නද Copy කරගත්තු Software Shortcuts Open කරන්න.
ඔයා ඔන්න ඔය විදිහට Shortcut එකට Click කරලා Open කරාම Message එකක් එයි Untrusted Application Launcher කියලා. ඒ Message එකේ Trust and Launch කියලා තියෙන Button එක ඔබන්න.
වැඩේ ගොඩ. ඔන්න අපි Linux එකේ Desktop එකටත් Icons දැම්මා.

ඉතින් තාම Shortcut එකේ Icon එක හරියට ඇවිල්ලා නැද්ද? ආ ගනන් ගන්න එපා එක පාරක් Software එක Shortcut එකෙන් Open කලාම ඔය ඔක්කොම හරි යයි.

මේ බලන්න Software එකේ Icon එක ආපු හැටි.

ඉතින් ඔන්න තවත් ලිපියක් ඔන්න ඔය විදිහට ඉවර වෙනවා. අපි එහෙනම් ඊලග ලිපියෙන් හම්බවෙමුකෝ. තව දෙයක් මොනවහරි Linux ගැන දැනගන්න තියෙනවනම් පහල Comment section එකෙන් අහන්න මම ඔයාලට උදව් කරන්න ගොඩක් කැමති. ජය!