Linux ලෝකේ නැවතුම්පල Distrowatch.com

ඉතින් ඔයා දන්නවද Linux ලෝකේ දැන් ඉන්න රජතුමා බලන්න මේ වෙද්දී එන්න එන්න පහලට ගිහින් තියෙන Linux Distributions ගැන බලන්න තව එක එක Linux Distributions වල විස්තර බලන්න Website එකක් තියෙනවා කියලා. ඉතින් මේ Website එකේ නම වෙන්නේ Distrowatch. මේ Website එකට ගිහින් ඔයාට Linux ලෝකේ තියෙන Distributions ගොඩක් ගැන විස්තර බලන්න පුළුවන්.

ඉතින් ඔයා මේ Website එක ගැන කලින් දැනගෙන හිටියද නැත්නම් අද ද දැනගත්තේ. පහලින් Comment කරන්න.

එහෙනම් ඊලග ලිපියෙන් සෙට් වෙමු. මන් ගියා. ජය!

ඕනම Software එකක් Terminal එකෙන් Install කරමු

ඉතින් කොල්ලනේ ඔයාල දන්නවනේ Windows එකේ නම් අපිට Software එකක් ඕනේ නම් අපිට ඒ Software එක internet පීරලා පීරලා හොයාගෙන Download කරගන්න වෙනවා.

එත් Linux වල එහෙම නැ. Terminal එකේ Install කරන Command එකත් එක්ක අපිට ඕනේ Software එකේ නම ගහන්න තියෙන්නේ. එච්චරයි.

ඉතින් අද මම කියල දෙන්න යන්නේ මොකක්ම හරි software එකක් Install කරන්න ගහන්න ඕනේ Command එක මොකක්ද කියලා. ඉතින් මේ Software Install කරන Commands එක එක Package Managers අනුව වෙනස් වෙනවා. ඉතින් අපි අද මේ හැම Package Manager එකකම අදාල Software එක Install කරන්න ගහන Commands ඉගෙන ගන්නයි යන්නේ.

ඉතින් Package Managers Linux වලට දහයක් තියෙනවනේ එතනින් ප්‍රදානම තුන වෙන්නේ,

  • DPKG
  • RPM
  • Pacman

01.DPKG

DPKG කියන්නේ Debian Based Package Manager එක.

ඉතින් බොහෝ වෙලාවට ඔයා පාවිච්චි කරන Linux Distribution එක මේ Package Manager එකට Support කරනවා. මේ Package Manager එකට Support කරන Linux Distributions වෙන්නේ Ubuntu, MX Linux, Linux Mint, Debian, Kali Linux, Parrot OS කියන Distributions.

මීටත් අමතරව ඔයා පාවිච්චි කරන Linux Distro එක Based වෙලා තියෙන්නේ Debian වලින් හරි Ubuntu වලින් හරි නම් එත් මේ Package Manager එක ඔයාගේ Distro එකට Support කරනවා.
ඉතින් මේ Package manager එක පාවිච්චි කරලා Software එකක් install කරගන්න නම් ඔයා මුලිනම Terminal එක Open කරගන්න ඕනේ. ඊට පස්සේ,

sudo apt-get install software-එකේ-නම

Command එක ඔයාට ඕන Software එකේ නමත් එක්ක පාවිච්චි කරන්න ඕනේ.

02.RPM

RPM කියන්නේ Red Hat Package Manager එක.

මේ Package Manager එකට Support කරන Linux Distributions වෙන්නේ Red Hat,FedoraFermi LinuxCentOSSUSE EnterpriseopenSUSE කියන Distributions.

මීට අමතරව ඔයා පාවිච්චි කරන Linux Distro එක Based වෙලා තියෙන්නේ Fedora වලින් හරි Red Hat වලින් හරි නම් එත් මේ Package Manager එක ඔයාගේ Distro එකට Support කරනවා.
ඉතින් මේ Package manager එක පාවිච්චි කරලා Software එකක් install කරගන්න නම් ඔයා මුලිනම Terminal එක Open කරගන්න ඕනේ. ඊට පස්සේ,

yum install software-එකේ-නම

Command එක ඔයාට ඕන Software එකේ නමත් එක්ක පාවිච්චි කරන්න ඕනේ.

03.PacMan

මේ Package Manager එකට Support කරන Linux Distributions වෙන්නේ Antergos, Arch Linux, ArchBang, ArchLabs, ArchOne, ArkOS සහ Manjaro (Linux ලෝකයේ දැන් රජකරන Distribution එක Manjaro) කියන Distributions.

මීටත් අමතරව ඔයා පාවිච්චි කරන Linux Distro එක Based වෙලා තියෙන්නේ Arch වලින් හරි Manjaro වලින් හරි නම් එත් මේ Package Manager එක ඔයාගේ Distro එකට Support කරනවා.
ඉතින් මේ Package manager එක පාවිච්චි කරලා Software එකක් install කරගන්න නම් ඔයා මුලිනම Terminal එක Open කරගන්න ඕනේ. ඊට පස්සේ,

sudo pacman -S software-එකේ-නම

Command එක ඔයාට ඕන Software එකේ නමත් එක්ක පාවිච්චි කරන්න ඕනේ.

ඉතින් ඔය විදිහට තමයි ඒ ඒ අදාල Package Manager එකෙන් අදාල Softwares Install කරගන්නේ. ඉතින් මේ ලිපිය ඔයාලට උදව්වක් වෙන්න ඇති කියල මන් හිතනවා.

එහෙනම් ඊලග ලිපියෙන් හම්බවෙමුකෝ. ජය!

Ubuntu දැන් හැම Flavour එකකින්ම

ඔබ දන්නවා Linux ඕනෑම Distro එකක් අපිට ඕන විදිහට ලස්සනට Customize කරගත්ත හැකි කියලා. ඉතින් මේ වගේ එක එක විදිහට එක එක අයට ගැලපෙන විදිහට Customize කරපු Ubuntu මත පදනම් වූ Distro ගොඩක් අද Release උනා.

ඒවගේම මේ Ubuntu මත පදනම්ව Ubuntu Customize කරලා හදපු මේ Distro සෙට් එකට එයාල නම දාලා තියෙන්නේ Ubuntu Flavours කියලා,

එම Ubuntu Flavours වනුයේ,

01.Kubuntu

Kubuntu භාවිතා කරන්නේ KDE Plasma Desktop Enviroment එක

02.Lubuntu

Lubuntu ඉතාමත් වේගවත් ඒවගේම ප්‍රමාණයෙන් කුඩා Ubuntu Flavour එකකි. මෙහි භාවිතා වනුයේ LXQt Desktop Enviroment එකය

03.Ubuntu Budgie

Ubuntu Budgie පාවිච්චි කරන්නේ Budgie Desktop Enviroment එකයි. ඒවගේම Ubuntu Budgie ගොඩක්ම Focus කරලා තියෙන්නේ එකේ Simplicity එකය

04.Ubuntu Kylin

Ubuntu Kylin හදල තියෙන්නේ ගොඩක්ම චිනේ අයට පාවිච්චි කරන්න

05.Ubuntu Mate

Ubuntu Mate එකත් ගොඩක්ම Simplicity එක Focus කරලා හදපු Ubuntu Flavoured Distro එකක්. මේකේ Desktop Enviroment එක වෙන්නේ Gnome 2 Desktop Enviroment එකය. ඇත්තටම Gnome 2 Desktop Enviroment එකෙන් Distro හදන එක නැවැත්තුවේ 2010 දී. එත් හැමෝවම පුදුම කරමින් Canonical ආයතනය නැවතත් ඒ Gnome 2 Desktop Enviroment එක පාවිච්චි කරන්න අරන්.

06.Ubuntu Studio

Ubuntu Studio Distro එකනම් ගොඩක්ම Focus කරලා තියෙන්නේ ඔය Content Creators ලව. එකේ Content Creators ලට ඕන හැම ටූල් එකක්ම තියෙනවා.

07.Xubuntu

Xubuntu ඉතාමත් වේගවත් Xfce Desktop Enviroment එකේ Run වෙන Ubuntu Flavoured Distro එකක්

08.Ubuntu (මේකනම් Flavour එකක් නෙවෙයි)

ඔන්න රැවටෙන්න එපෝ. මේක Flavour එකක් නෙවෙයි. මම මේ Ubuntu එක දැන්මේ නිකන්.

ඉතින් මේ Distro Flavours අතරේ ඔයාගේ හිත ගියපු Distro එකක් තියෙනවද? Download කරගන්න කැමතිද? එහෙනම් මේ ලින්ක් එකට යන්න.


ඕන දෙයක් පහල comment section එකෙන් අහන්න. එහෙනම් මම ගියා. ජය!