Terminal එකෙන් ඕනම Website එකක් Download කරමු

ඉතින් යාලුවනේ අද අපි බලන්න යන්නේ ඕනම Website එකක Complete Files නැත්නම් Source Code එක සැරේ Terminal එක පාවිච්චි කරලා Download කරන විදිහ ගැන.

ඉතින් බලන්නකෝ මේ Terminal එක අපිට කොච්චර උදව් වෙනවද කියලා. මම Linux වලට ගොඩක් ආදරේ කරන්නෙත් එකේ තියෙන Windows වල නැති Terminal එක නිසා.

එහෙනම් Website එකක් Download කරමු.

පියවර 01: Website එක Download කරන්න Folder එකක් හදන්න.

මුලින්ම Website එකේ Files Download කරලා Save කරගන්න Folder එක හදන්න. ඊට පස්සේ ඒ Folder එක ඇතුලට යන්න.

02. දැන් Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න

Right click කරලා “Open In Terminal” option එක තෝරන්න.

දැන්,

sudo wget www.ikman.lk

කියන Command එක ගහන්න. මෙතන ikman.lk වෙනුවට ඔයාට Files ගන්න ඕනේ Website එකේ Address එක ගහලා Enter කරන්න.

බූම්! ඔන්න දැන් ඔයාට ඕනේ Files ඔයාගේ Folder එකේ Save වෙලා ඇති. ගිහින් බලන්න.

ඉතින් මේ ලිපිය ඔයාට මොනම විදිහකින් හරි උදව්වක් වෙන්න ඇති කියල හිතනවා. එහෙනම් ඊලග ලිපියෙන් හම්බ වෙමු. ජය!

Github එක එක්ක Linux වලදී වැඩකරන්න GitKraken

ඉතින් කොල්ලනේ ඔයා Computer වල මොනවහරිම පැත්තක Developer කෙනෙක් නම් ඔයා අනිවා Github එක ගැන දන්නවා ඇති. ඉතින් ඒ එකක්ම මේ Github එකේ අපේ Repository එකත් එක්ක කරන Pull, Push ඔයවගේ Request ගැනත් දන්නවා ඇති. ඉතින් Github එකත් එක්ක මේ Requests කරන්න නම් අපිට Github Client Software එකක් ඕනේ වෙනවා.

Github Client Softwares කිව්වම Windows වලට MacOS වලට නම් ඇති වෙන්න GitHub Client Softwares තියෙනවා. එත් Linux ලෝකේ ඉන්න අපිට කාලෙක ඉදන්ම කිසිම Github Client Software එකක් තිබුනේ නැ.

එත් කොල්ලනේ මට මේ ලඟදි දැනගන්න ලැබුණා අපේ Linux Platform එක වෙනුවෙනුත් හොද Graphical User Interface එකක් තියෙන Github Client Softwares Release වෙලා තියෙනවා කියලා. ඉතින් මමත් නිකන් හිටියේ නෑ දාගේන හෙවුවා මොකක්ද මේ හොඳ Github Client Software එක කියලා.

ඉතින් මම මෙහෙම හොයද්දි මට Github Client Software දෙක තුනක්ම හම්බවුනා,

  • GitCola
  • SmartGit
  • Giggle
  • Gitg
  • Git GUI

එත් මේ Softwares එකක්වත් මට ඕනේ වෙලා තිබුන හොඳ User Experience එකක් මට දුන්නේ නෑ. ඉතින් මන් තවත් ඉන්ටර්නෙට් එක පිර පිර හෙව්වා හොඳ GitHub Client Software එකක්.


ඔන්න එත් එක්කම මට GitKraken කියන පට්ට Software එක හම්බුනා. ආයේ කතා කරන්න දෙයක් නෑ පට්ට. පට්ටම User Experience එකක් මට ඒ Software එකෙන් ලැබුනේ.

ඉතින් මම හිතනවා ඔයත් මේ Computer වල කොයිම පැත්තෙන් හරි Developer කෙනෙක් නම් මේ Software එක පාවිච්චි කරන්න ඕනේ කියලා

ඉතින් ඔයාලට GitKraken Software එක Terminal එකෙන් install කරන්න ඕනේ නම්,

පියවර 01 (කොහොමත් එක පියවරයි තියෙන්නේ)

snap install gitkraken

01.ඔය තියෙන විදිහට “snap install gitkraken” Command එක ගහල Install කරගන්න

එච්චරයි තියෙන්නේ. සිම්පල්. වැඩේ ගොඩ.

ඔයාට Terminal එකේන් Install කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් අවොත් පහල Comment Section එකෙන් මට කියන්න මම උපරිම Support එක දෙන්නම්.

නැත්නම් ඔයාට එයාලගේ Official වෙබ් අඩවියට ගිහින් .DEB පැකේජ් එකෙන් GitKraken Install කරගත හැකි. එයාලගේ වෙබ් අඩවියට මෙතනින් යන්න.

ඉතින් මේ ලිපිය ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ආයේ පස්සේ හම්බවෙමුකෝ. ජය!