Github එක එක්ක Linux වලදී වැඩකරන්න GitKraken

ඉතින් කොල්ලනේ ඔයා Computer වල මොනවහරිම පැත්තක Developer කෙනෙක් නම් ඔයා අනිවා Github එක ගැන දන්නවා ඇති. ඉතින් ඒ එකක්ම මේ Github එකේ අපේ Repository එකත් එක්ක කරන Pull, Push ඔයවගේ Request ගැනත් දන්නවා ඇති. ඉතින් Github එකත් එක්ක මේ Requests කරන්න නම් අපිට Github Client Software එකක් ඕනේ වෙනවා.

Github Client Softwares කිව්වම Windows වලට MacOS වලට නම් ඇති වෙන්න GitHub Client Softwares තියෙනවා. එත් Linux ලෝකේ ඉන්න අපිට කාලෙක ඉදන්ම කිසිම Github Client Software එකක් තිබුනේ නැ.

එත් කොල්ලනේ මට මේ ලඟදි දැනගන්න ලැබුණා අපේ Linux Platform එක වෙනුවෙනුත් හොද Graphical User Interface එකක් තියෙන Github Client Softwares Release වෙලා තියෙනවා කියලා. ඉතින් මමත් නිකන් හිටියේ නෑ දාගේන හෙවුවා මොකක්ද මේ හොඳ Github Client Software එක කියලා.

ඉතින් මම මෙහෙම හොයද්දි මට Github Client Software දෙක තුනක්ම හම්බවුනා,

  • GitCola
  • SmartGit
  • Giggle
  • Gitg
  • Git GUI

එත් මේ Softwares එකක්වත් මට ඕනේ වෙලා තිබුන හොඳ User Experience එකක් මට දුන්නේ නෑ. ඉතින් මන් තවත් ඉන්ටර්නෙට් එක පිර පිර හෙව්වා හොඳ GitHub Client Software එකක්.


ඔන්න එත් එක්කම මට GitKraken කියන පට්ට Software එක හම්බුනා. ආයේ කතා කරන්න දෙයක් නෑ පට්ට. පට්ටම User Experience එකක් මට ඒ Software එකෙන් ලැබුනේ.

ඉතින් මම හිතනවා ඔයත් මේ Computer වල කොයිම පැත්තෙන් හරි Developer කෙනෙක් නම් මේ Software එක පාවිච්චි කරන්න ඕනේ කියලා

ඉතින් ඔයාලට GitKraken Software එක Terminal එකෙන් install කරන්න ඕනේ නම්,

පියවර 01 (කොහොමත් එක පියවරයි තියෙන්නේ)

snap install gitkraken

01.ඔය තියෙන විදිහට “snap install gitkraken” Command එක ගහල Install කරගන්න

එච්චරයි තියෙන්නේ. සිම්පල්. වැඩේ ගොඩ.

ඔයාට Terminal එකේන් Install කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් අවොත් පහල Comment Section එකෙන් මට කියන්න මම උපරිම Support එක දෙන්නම්.

නැත්නම් ඔයාට එයාලගේ Official වෙබ් අඩවියට ගිහින් .DEB පැකේජ් එකෙන් GitKraken Install කරගත හැකි. එයාලගේ වෙබ් අඩවියට මෙතනින් යන්න.

ඉතින් මේ ලිපිය ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ආයේ පස්සේ හම්බවෙමුකෝ. ජය!

Twitter Linux මත

Tweets දවසකට මිලියන 400ය කටද වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරුවන Twitter platform එක Linux Servers මතට මාරු වීමට තීරණය කොට ඇත.

Twitter සමගම ඔව්න්ගේ මුළු Platform එකම Linux Servers මත ක්‍රියාකිරීමට ඔව්න්ට වියදම් වී ඇත්තේ ඩොලර් 15,000සක් පමණ සුළු මුදලකි.

ක්රිස් ඇනිසික් Twitter Platform එක Linux මතට ගැනීම මතින් ඉතා හොඳ දියුණුවක් Twitter සමාගමට ලබා ගැනීමට හැකි වන බව පවසා සිටියෙය.

ක්රිස් ඇනිසික් මෙසේ පවසා සිටියේ Tweet එකක් මගිනි(@cra)

Linux පිස්සෙක්ද? එහෙනම් T-Shirt එකක් Design කරන්න.

T-Shirt තරගයක් පැවැත්වීමට නියමිතය

Linux ජාත්‍යන්තර සංසදය මෙම අවුරුද්දෙහි T-Shirt තරගයක් පැවැත්වීමට නියමිතය. මේ සඳහා ඔව්න්ගේ තේමාව වනුයේ “ඔබත් linux පිස්සෙක්ද?” ය.

ඔබගේ T-Shirt සඳහා චිත්‍ර සුදානම් කරගන්න

ඔබගේ T-Shirt සඳහා චිත්‍ර සුදානම් කරගන්න. නීති පිළිබඳව දැන ගැනීම සහ අනිකුත් තොරතුරු දැන ගැනීම සඳහා මෙම ලින්ක් එකට යන්න

ඉතින් මෙම තරඟය ගැන ඔබගේ අදහස මොකක්ද? පහලින් comment කරන්න.

මෙම අවුරුද්ද අවසානයේදී Steam එක Linux එකේ Run වෙනවා ඔයාටත් බලන්න පුළුවන් වෙයි

Steam Linux සඳහා නිශ්චිතයි

Steam Linux සඳහා නිශ්චිතයි යන ලිපිය අපගේ ලිපි අතර ඉතාම ජනප්‍රියත්වයට පත් උනා. එත් මම ඒ ලිපිය ලිව්වේ අප්‍රියේල් පළවෙනිදා මෝඩයාගේ දවස නිසානේ. දැන් ඉතින් අප්‍රීයේල් මාසේ ඉවර වෙලා ගොඩක් කල්නේ.

Steam Linux සඳහා නිකුත් වීම Confirm

ඉතින් මේ අවුරුද්ද අවසානයේදී Steam Linux සඳහා නිකුත් වීම Confirm වෙලා තියෙනවා.

ෆොරෝන්ක්ස් මයිකල් ලාරාබෙල් මහතා Steam Linux සඳහා නිකුත් වන බව මිට පෙරද පවසා තිබෙනවා. නමුදු එතුමා එලෙස පවසන විට මිනිසුන් සිතුවේ මෙම ආරංචිය නිකන් පැතිරිලා යන බොරුවක් කියලයි. නමුදු මෙම අවුරුද්දේ නැවතත් Steam ආයතනය තම සේවාව Linux පද්ධතිය සඳහාද නිකුත් කරන බව නිල වශයෙන් ප්‍රකාශ කොට ඇත.

Steam Company එක SteamOS කියලා OS එකක් හදනවා

ඒවගේම තවත් පොඩි ආරංචියක් මේ දවස් වල පැතිරෙනවා. Steam Company එක SteamOS කියලා Linux මත පදනම්ව Game ගහන්නම් Operating System එකක් හදනවා කියලා.

ඉතින් ඔයා මොකද හිතන්නේ මේ SteamOS එක ගැන? පහලින් Comment කරන්න.