Ubuntu Factory Reset පාරක් දාමුද? Files නැති කරගන්නේ නැතුව

මට මාර වැඩක්නේ උනේ අද ඔන්න මම මගේ Computer එක ඕන කලා. ඊටපස්සේ Ubuntu කියලා වැටිලා ලෝඩුත් උනා. ඔන්න ඊට පස්සේ මට කලු Screen එකක් වැටෙනවා.

ඒ කලු Screen එකෙන් එහාට මුකුත් වැඩ කරන්නේ නැ. Mouse එකවත් කිසිදෙයක් පෙන්නන්නේ නැ.

කොහොමත් විදිහක් නැ Ubuntu එකට Log වෙන්න. ඉතින් එතනින් එහාට මම මොනවා කලත් Ubuntu Load උනේ නැ. ඉතින් Ubuntu එක Load වෙන්නේ නැ කියලා මම බලාගෙන ඉන්නද? බෑනෙ. ඔන්න මම ඉතින් internet එකේ search කලා මේ Black Screen එක එන එක නවත්වන්න විදිහක්.

ඔන්න එත් එක්කම මට හම්බවුන ඉන්ටෙර්නෙට් එකේ පොඩි ලිපි කැල්ලක්. එකේ ලියලා තිබුණා Ubuntu Reset කලාම ඔය තියෙන ඔක්කොම errors නැතුව යනවා කියලා. ඉතින් මම උබුන්ටු Reset කලා. මෙන්න බොලේ කිව්වත් වගේ Black Screen එක නැතුව ගිහින් මාව මන් අසම Gnome Desktop එකට වැටුනා. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රශ්නේ විසදුනා.

ඉතින් මම විතරක් ප්‍රශ්න විසදගෙන හරියනවද? නැනේ. මන් හොයා ගත්ත දේ ඔයාලටත් ඕනේ වෙන්න පුළුවන් කියලා හිතලා Ubuntu Reset කරන විදිහ ගැන මම මෙන්න මේ විදිහට ලිපියක් ලිව්වා.

ඉතින් මෙන්න මේ විදිහට තමයි Ubuntu Reset කරන්නේ,

පියවර 01,

Ubuntu Load වෙද්දී එන GRUB menu එකේ Advanced options for Ubuntu තෝරගන්න

පියවර 02,

එතැනින් (Recovery Mode) කියලා ඉවරවෙන එක තෝරගන්න

පියවර 03,

“Root Drop into root shell prompt” එක තෝරාගන්න

පියවර 04,

දැන් මන් මේ පහල දාල තියෙන හැම Command එකක්ම එකකට පස්සේ එකක් Type කරලා එන්ටෙර් කරන්න Commandline එකට.

sudo dpkg --configure -a
sudo apt-get update
sudo apt-get -f install
sudo apt-get full-upgrade
sudo apt-get install --reinstall ubuntu-desktop
sudo apt-get autoremove
sudo apt-get clean

අන්තිමටම “reboot” Command එක ගහලා Computer එක Restart කරගන්න,

reboot

ඉතින් මේ Commands Set එක ගැහුවා කියන්නේ ආයේ ඉතින් Computer එක සුපිරියටම Reset වෙලා තියෙන Errors සුත් නැත්තටම නැති වෙලා ගිහින් ඇති.

ඉතින් තාමත් ඔයාගේ Linux එකේ ප්‍රශ්නේ විසදිලා නැත්නම් පහලින් Comment කරන්න. මන් ඔක්කොම Comments කියවනවා ඒවගේම මට පුළුවන් උපරිම විදිහෙන් මන් ඔයාට උදව් කරනවා.

ඉතින් මන් ආයේ ඔයාලට තවත් ඕනෙම වෙන ලිපියක් අරන් එනවා. ඉතින් මේ ලිපිය ඔයාට මොනවහරිම විදිහකින් උදව්වක් වෙන්න ඇති කියලත් හිතනවා. ඉතින් එහෙනම් ආයේ හම්බවෙමුකෝ. මන් ගියා. ජය!

Github එක එක්ක Linux වලදී වැඩකරන්න GitKraken

ඉතින් කොල්ලනේ ඔයා Computer වල මොනවහරිම පැත්තක Developer කෙනෙක් නම් ඔයා අනිවා Github එක ගැන දන්නවා ඇති. ඉතින් ඒ එකක්ම මේ Github එකේ අපේ Repository එකත් එක්ක කරන Pull, Push ඔයවගේ Request ගැනත් දන්නවා ඇති. ඉතින් Github එකත් එක්ක මේ Requests කරන්න නම් අපිට Github Client Software එකක් ඕනේ වෙනවා.

Github Client Softwares කිව්වම Windows වලට MacOS වලට නම් ඇති වෙන්න GitHub Client Softwares තියෙනවා. එත් Linux ලෝකේ ඉන්න අපිට කාලෙක ඉදන්ම කිසිම Github Client Software එකක් තිබුනේ නැ.

එත් කොල්ලනේ මට මේ ලඟදි දැනගන්න ලැබුණා අපේ Linux Platform එක වෙනුවෙනුත් හොද Graphical User Interface එකක් තියෙන Github Client Softwares Release වෙලා තියෙනවා කියලා. ඉතින් මමත් නිකන් හිටියේ නෑ දාගේන හෙවුවා මොකක්ද මේ හොඳ Github Client Software එක කියලා.

ඉතින් මම මෙහෙම හොයද්දි මට Github Client Software දෙක තුනක්ම හම්බවුනා,

  • GitCola
  • SmartGit
  • Giggle
  • Gitg
  • Git GUI

එත් මේ Softwares එකක්වත් මට ඕනේ වෙලා තිබුන හොඳ User Experience එකක් මට දුන්නේ නෑ. ඉතින් මන් තවත් ඉන්ටර්නෙට් එක පිර පිර හෙව්වා හොඳ GitHub Client Software එකක්.


ඔන්න එත් එක්කම මට GitKraken කියන පට්ට Software එක හම්බුනා. ආයේ කතා කරන්න දෙයක් නෑ පට්ට. පට්ටම User Experience එකක් මට ඒ Software එකෙන් ලැබුනේ.

ඉතින් මම හිතනවා ඔයත් මේ Computer වල කොයිම පැත්තෙන් හරි Developer කෙනෙක් නම් මේ Software එක පාවිච්චි කරන්න ඕනේ කියලා

ඉතින් ඔයාලට GitKraken Software එක Terminal එකෙන් install කරන්න ඕනේ නම්,

පියවර 01 (කොහොමත් එක පියවරයි තියෙන්නේ)

snap install gitkraken

01.ඔය තියෙන විදිහට “snap install gitkraken” Command එක ගහල Install කරගන්න

එච්චරයි තියෙන්නේ. සිම්පල්. වැඩේ ගොඩ.

ඔයාට Terminal එකේන් Install කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් අවොත් පහල Comment Section එකෙන් මට කියන්න මම උපරිම Support එක දෙන්නම්.

නැත්නම් ඔයාට එයාලගේ Official වෙබ් අඩවියට ගිහින් .DEB පැකේජ් එකෙන් GitKraken Install කරගත හැකි. එයාලගේ වෙබ් අඩවියට මෙතනින් යන්න.

ඉතින් මේ ලිපිය ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ආයේ පස්සේ හම්බවෙමුකෝ. ජය!