ඕනම Software එකක් Terminal එකෙන් Install කරමු

ඉතින් කොල්ලනේ ඔයාල දන්නවනේ Windows එකේ නම් අපිට Software එකක් ඕනේ නම් අපිට ඒ Software එක internet පීරලා පීරලා හොයාගෙන Download කරගන්න වෙනවා.

එත් Linux වල එහෙම නැ. Terminal එකේ Install කරන Command එකත් එක්ක අපිට ඕනේ Software එකේ නම ගහන්න තියෙන්නේ. එච්චරයි.

ඉතින් අද මම කියල දෙන්න යන්නේ මොකක්ම හරි software එකක් Install කරන්න ගහන්න ඕනේ Command එක මොකක්ද කියලා. ඉතින් මේ Software Install කරන Commands එක එක Package Managers අනුව වෙනස් වෙනවා. ඉතින් අපි අද මේ හැම Package Manager එකකම අදාල Software එක Install කරන්න ගහන Commands ඉගෙන ගන්නයි යන්නේ.

ඉතින් Package Managers Linux වලට දහයක් තියෙනවනේ එතනින් ප්‍රදානම තුන වෙන්නේ,

  • DPKG
  • RPM
  • Pacman

01.DPKG

DPKG කියන්නේ Debian Based Package Manager එක.

ඉතින් බොහෝ වෙලාවට ඔයා පාවිච්චි කරන Linux Distribution එක මේ Package Manager එකට Support කරනවා. මේ Package Manager එකට Support කරන Linux Distributions වෙන්නේ Ubuntu, MX Linux, Linux Mint, Debian, Kali Linux, Parrot OS කියන Distributions.

මීටත් අමතරව ඔයා පාවිච්චි කරන Linux Distro එක Based වෙලා තියෙන්නේ Debian වලින් හරි Ubuntu වලින් හරි නම් එත් මේ Package Manager එක ඔයාගේ Distro එකට Support කරනවා.
ඉතින් මේ Package manager එක පාවිච්චි කරලා Software එකක් install කරගන්න නම් ඔයා මුලිනම Terminal එක Open කරගන්න ඕනේ. ඊට පස්සේ,

sudo apt-get install software-එකේ-නම

Command එක ඔයාට ඕන Software එකේ නමත් එක්ක පාවිච්චි කරන්න ඕනේ.

02.RPM

RPM කියන්නේ Red Hat Package Manager එක.

මේ Package Manager එකට Support කරන Linux Distributions වෙන්නේ Red Hat,FedoraFermi LinuxCentOSSUSE EnterpriseopenSUSE කියන Distributions.

මීට අමතරව ඔයා පාවිච්චි කරන Linux Distro එක Based වෙලා තියෙන්නේ Fedora වලින් හරි Red Hat වලින් හරි නම් එත් මේ Package Manager එක ඔයාගේ Distro එකට Support කරනවා.
ඉතින් මේ Package manager එක පාවිච්චි කරලා Software එකක් install කරගන්න නම් ඔයා මුලිනම Terminal එක Open කරගන්න ඕනේ. ඊට පස්සේ,

yum install software-එකේ-නම

Command එක ඔයාට ඕන Software එකේ නමත් එක්ක පාවිච්චි කරන්න ඕනේ.

03.PacMan

මේ Package Manager එකට Support කරන Linux Distributions වෙන්නේ Antergos, Arch Linux, ArchBang, ArchLabs, ArchOne, ArkOS සහ Manjaro (Linux ලෝකයේ දැන් රජකරන Distribution එක Manjaro) කියන Distributions.

මීටත් අමතරව ඔයා පාවිච්චි කරන Linux Distro එක Based වෙලා තියෙන්නේ Arch වලින් හරි Manjaro වලින් හරි නම් එත් මේ Package Manager එක ඔයාගේ Distro එකට Support කරනවා.
ඉතින් මේ Package manager එක පාවිච්චි කරලා Software එකක් install කරගන්න නම් ඔයා මුලිනම Terminal එක Open කරගන්න ඕනේ. ඊට පස්සේ,

sudo pacman -S software-එකේ-නම

Command එක ඔයාට ඕන Software එකේ නමත් එක්ක පාවිච්චි කරන්න ඕනේ.

ඉතින් ඔය විදිහට තමයි ඒ ඒ අදාල Package Manager එකෙන් අදාල Softwares Install කරගන්නේ. ඉතින් මේ ලිපිය ඔයාලට උදව්වක් වෙන්න ඇති කියල මන් හිතනවා.

එහෙනම් ඊලග ලිපියෙන් හම්බවෙමුකෝ. ජය!