Linux වලදී pip පාවිච්චි කරලා Python Libraries Install කරමු

ඉතින් අපි මුලින්ම Python ගැන දන්නේ නැති අයට පයිතන් කියන්නේ මොකක්ද කියලා ඉමුකො. ඉතින් කොල්ලනේ පයිතන් කියන්නේ High Level Programming Language එකක් ඒවගේම ලෝකේ තියෙන ලේසිම Programming Language එක කිව්වොත් මම හරි. මගේ ආසම Programming Language එකත් ඉතින් පයිතන් ම තමයි. ඉතින් මේ Programming Language එක පොඩි උනාට අපිට මේ Tech ලෝකේ නිර්මාණය කරන්න පුළුවන් ඕනෑම නිර්මාණයක් පයිතන් එක්ක කරහැකි Web App හදන එක, GUI Softwares හදන එක, Data Science පැත්ත මේ ඕන දෙයක්. හැබැයි ඉතින් පයිතන් කියන Programming Language එකත් Limit වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට පයිතන් වලම තව කොටසක් වෙන Third Party Libraries පාවිච්චි කරන්න වෙනවා.

හරි Example එකක් හැටියට ඔයා ගාව මේ වෙලාවේ පින්තුර 500යක් තියෙනවා. ඉතින් ඔයාට ඕනේ මේ පින්තුර 500යේම Screen Resolution එක එක සැරේ වෙනස් කරන්න. ඉතින් ඔයාට මේ වැඩේ ඔයා වෙනුවෙන් තත්පරෙන් කරලා දෙන්න Programme එකක් පයිතන් වලින් ලේසියෙන්ම ලියන්න පුළුවන්. එත් ඔයාට ඒ Programme එක තනිකර පයිතොන් විතරක්ම පාවිච්චි කරලා හදන්න බෑ. ඔයාට Python වල Third Party Library එකක් වෙන PIL එහෙමත් නැත්නම් (Python Image Library) කියන පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේ Library එක පාවිචිචි කරන්න නම් ඔයා මුලින්ම මේ Library එක Install කරන ඉන්න ඕනේ. ඉතින් ඔයාට මේවගේ ලෝකේ තියෙන ඕනෑම Python Library එකක් Install කරන්න Tool එකක් වෙන pip කියන පොඩි gajamatic එක Install කරලා පාවිච්චි කරන හැටි තමයි අපි අද බලන්න යන්නේ එහෙනම් සීට් බෙල්ට් දාගන්න.

අපි මේ මාතෘකාව පනිමු.

සීට් බෙල්ට් දාගෙනද ඉන්නේ:D අපි මුලින්ම බලන්න යන්නේ pip tool එක Linux වල Install කරන විදිහ.

ඉතින් pip එක Install කරන්න නම් ඔයාට

sudo apt-get install python3-pip

කියන Command එක ගහලා Enter එකක් දෙන්න වෙනවා. ඉතින් ඔයා Enter එක දුන්නම ඔයාගෙන් password එක අහයි.

එතකොට ඔයාගේ password එක ගහලා Enter කරන්න.


මොකක් හරි අවුලක් ගියාද? නෑනේ. අවුලක් ගියානම් පහලින් Comment එකක් දාපන්.
තද බන්. තද. දැන් ඉතින් pip ටූල් එක ready.

දැන් ඉතින් අපි මොකක් හරි Library එකක් Install කරමු

ඉතින් අපි මේ පාර Example එකක් හැටියට numpy පයිතන් Library එක Pip වලින් Install කරන්න යන්නේ. ඉතින් numpy Library එක Install කරන්න,

pip3 install numpy

ආන්න එහෙම ගහලා Enter එකක් දෙන්න. වැඩේ ගොඩ. දැන් ඉතින් ඔයාට Numpy Library එක Python වලදී පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මොනවහරිම ප්‍රශ්නයක් මේ Process එකේදී ඇති උනා නම් නැත්නම් Linux ගැන මොකක්ම හරි ප්‍රශ්නය ඔයාට අහන්න තියෙනවා නම් පහල Comment Section එක ඔයාටයි. එහෙනම් මන් ගියා. සුභ දවසක්. ජය!

පොඩිම ලින්ක්ස් ඩිස්ට්‍රො 10ය

ඔන්න අපි අද බලන්න යන්නේ ලිනක්ස් ලෝකේ පොඩිම සාමාජිකයන් 10ක් ගැන පොඩිම කිව්වේ Size එකෙන්. මේ ලිස්ට් එකේ තියෙන සමහර Distro Size එකෙන් පොඩි උනාට තමන්ගේ නම උඩින්ම තියලා තියෙන්නේ.

ඔයා ගාව විසිකරන්න තියෙන පරණ Computer එකක් තියෙනවද? අම්බෝග් විසිකරන්න නම් එපා එක. ඒ Computer එකට මේ ලිස්ට් එකේ තියෙන Distro දාල Try කරලා බලන්න. Computer එක කොච්චර පරණ උනත් මේ Linux Distro වේගෙන් දුවනවා. මේ ලිස්ට් එකේ තියෙන Distro Run කරන්න ඕනේ වෙන්නේ ගොඩක් අඩු Resources(RAM, HARD).

එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ ලිස්ට් එක බලමු.

පරණ Computer Laptops සඳහා පොඩිම Linux ඩිස්ට්‍රො 10ක්

10.Peppermint

Peppermint OS එක ගොඩක් පොඩි ඒවගේම සුපිරි Operating System එකක්. මේ Operating System එකේ Desktop Enviroment එක වෙන්නේ LXDE.

මේ OS එක පොඩි උනාට ගොඩක් Tools එකක්ම Software අපිට Pre Install කරලා දෙනවා.

මේ Peppermint OS එක Linux වලට අලුතෙන්ම එන Users ලාටත් ගොඩක් හොඳ ඩිස්ට්‍රො එකක් මොකද කියනවනම් Peppermint OS එක පාවිච්චි කරන විදිහ ගැන ලොකු Documentation එකක් තියෙනවා.

ඒවගේම Peppermint OS එක පාවිච්චි කරන්න අඩුම සුදුසුකම් වන්නේ,

  • RAM: 1 GB of RAM (recommended 2 GB)
  • CPU: Processor based on Intel x86 architecture
  • Disk space: At least 4 GB of available disk space

9. Lubuntu

අපගේ ලිස්ට් එකේ මීලග ඉන්නේ ලුබුන්ටු. ලුබුන්ටු ඔයා දන්නවා ඇති ලුබුන්ටු කියන්නේ උබුන්ටු වල Official Flavour එකක්. ඉතින් මේ ලුබුන්ටු වල Desktop Enviroment එක වෙන්නේ LXDE.

අපි කලින් බලපු OS එකේ කලින්ම අවශ්‍ය Softwares Install කරලා එනවනේ එත් මේ OS එකේ එක ටිකක් වෙනස්. මේ OS එකේදී අපි සාමාන්යෙන් පාවිච්චි කරන Linux Softwares කලින් Install කරලා එන්නේ නෑ. ඒ වෙනුවට ඒවගේ වෙනත් Size එකෙන් අඩූ Softwares Install කරලා එන්නේ.

ඉතින් ඔයා උබුන්ටු පාවිච්චි කරලා තියෙනවනම් මේ OS එක පාවිච්චි කරන එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

ඉතින් ලුබුන්ටු Run කරන්න ඕනේ අඩුම System සුදුසුකම් වෙන්නේ,

  • RAM: 512 MB of RAM (recommended 1GB)
  • CPU: Pentium 4 or Pentium M or AMD K8 or higher

8. Linux Lite

Linux lite welcome screen

නමෙන් කියනවා වගේම මෙම Linux Lite Distro එක ගොඩක් size එකෙන් අඩු Distro එකක්. ඒවගේම මේ ඩිස්ට්‍රො එක Linux පටන් ගන්න කෙනෙක්ට උනත් මම නිර්දේශ කරනවා. මේ OS එක Based වෙලා තියෙන්නේ උබුන්ටු මතයි.

මම මේ OS එක Linux පටන් ගන්න කෙනෙක්ට උනත් නිර්දේශ කරන්න හේතුව උනේ මේ OS එකේ අපිට අපේ වැඩ කරගන්න අවශ්‍ය වෙන Softwares Install කරලම එනවා. අපිට ඕන Softwares හොය හොය කරදර වෙන්න ඕනේ නෑ.

කලින්ම OS එකත් එක්ක Install කරලා එන Softwares කිහිපයක් වෙන්නේ Firefox ඉන්ටෙර්නෙට් යන්න, Mail යවන්න Thunderbird, සින්දු අහන්න Video බලන්න VLC Media Player, Office වැඩ ව්ලට LibreOffice, Graphic වැඩ වලට GIMP වගේ Softwares.

මෙම OS එක උබුන්ටු මත පදනම් වෙලා තියෙන හින්දා ඔයාට මේ OS එක පාවිච්චි කරද්දී වෙන ගැටළු ගැන උබුන්ටු සමාජයෙනුත් අහන්න පුළුවන්.

Linux Lite සඳහා අවම System සුදුසුකම්:

  • RAM: 512 MB RAM (recommended 1 GB)
  • CPU: 700MHz processor
  • Display: VGA screen 1024×768 resolution (recommended VGA, DVI or HDMI screen 1366×768)
  • Disk space: At least 5 GB free disk space

7. LXLE

LXLE is a good choice for a lightweight Linux distribution

LXLE කියන්නේ අපි කලින් කතා කරපු ලුබුන්ටු එකෙන් පදනම් උන ලුබුන්ටු වලටත් වැඩිය වේගවත් OS එකක්

LXLE සඳහා අවම System සුදුසුකම්:

  • RAM: 512 MB (recommended 1 GB)
  • CPU: Pentium 3 (recommended Pentium 4)
  • Disk space: 8 GB

6. CrunchBang++

මේ CrunchBag++ OS එක CBPP කියලත් හදුන්වනවා. ඔයාල දන්නවද ඉස්සරම කාලේ CrunchBag කියලා වෙන OS එක්ක තිබුනා එත් ඒ OS Project එක ගොඩ ගියේ නෑ. ඒ හින්ද ඒ Company එක ඒ OS එක නැවැත්තුවා. ඉතින් දැන් අපි ගාව තියෙන මේ CrunchBag OS එක අර පරණ මැරිච්චි CrunchBag OS එක වැඩි දියුණු කරලා ඒ තාක්ෂණයෙන් හදපු එකක්. ඉතින් මේ OS එක පදනම් වෙන්නේ Linux ලෝකේ ගොඩක්ම Distro ප්‍රමාණයක් පදනම් වෙන Debian වලින්.

ඉතින් තව දුරටත් CrunchBag++ එක අයිති Company එක තමන්ගේ Users ලාට හොඳ වේගවත් Minimalistic Design එකක් දෙන්න මහන්සි වෙනවා.

crunchbang++ sleek user interface

CrunchBag++ සඳහා අවම System සුදුසුකම්:

CrunchBag++ Company එක නම් කිසිම අවම සුදුසුකමක් මේ වෙනකන් තමන්ගේ Distro එක සමග Announce කරලා නෑ. එත් CrunchBag++ ඩිස්ට්‍රො එක 512MB Ram එකක් තියෙන Pentium Computer එකක හොඳට Run වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

5. Bodhi Linux

Bodhi Linux

ඉතින් මේ තියෙන්නේ තවත් පොඩි ඉඩක් පොඩි Ram එකක පරණ Computer එකක උනත් පට්ට Speed එකේ Run කරන්න පුළුවන් පට්ට ඩිස්ට්‍රො එකක්. ඉතින් මේ ඩිස්ට්‍රො එක අනිත් ඩිස්ට්‍රො වලින් කැපිලා පෙන්න හේතුව තමයි මේ ඩිස්ට්‍රො එකේ තියෙන File Explorer එක මේ ඩිස්ට්‍රො එකේ තියෙන File Explorer එක අනිත් ඩිස්ට්‍රො වල File Explorer වලට වැඩිය වේගෙන් වගේම හොඳ GUI එකක් එක්ක වැඩ කරන්න හදලා තියෙන්නේ.

මේ ඩිස්ට්‍රො එකේ Elphoto කියලා Graphic Software එකකුත් Midori කියලා Web Browser එකකුත් ePad කියලා Text Editor එකකුත් එනවා. එත් අවාසනාවකට වගේ මේ ඩිස්ට්‍රො එකත් එක්ක Videos බලන්න Software එකක් එන්නේ නෑ. හැබැයි දුක් වෙන්න එපා ඔයාට උබුන්ටු වල Software Install කරනවා වගේ මේකෙදිත් Terminal එක පාවිච්චි කරලා Softwares Install කරන්න පුළුවන්. අනික මේ ඩිස්ට්‍රො එක පොඩි උනාට එකටම කියලා වෙනම Software Store එකකුත් තියෙනවනේ.

Bodhi Linux සඳහා අවම System සුදුසුකම්:

  • RAM: 256 MB of RAM
  • CPU: 1.0 GHz
  • Disk space: 4 GB of drive space

4. antiX Linux

antiX Linux is a good choice for a lightweight Linux distribution

ඉතින් antiX කියන මේ ඩිස්ට්‍රො එක තමයි අපේ ලිස්ට් එකේ ඊලග ඉන්නේ. ඉතින් මේ ඩිස්ට්‍රො එක ගොඩක්ම ගොඩක්ම size එකෙන් පොඩි ඩිස්ට්‍රො එකක්/

antiX තමන්ගේ File Explorer විදිහට පාවිච්චි කරන Programme එකේ නම Icewm ය. ඉතින් මේ ඩිස්ට්‍රො එක එක්කනම් ගොඩක් Softwares කලින්ම Install කරලා එන්නේ නෑ.

antiX සඳහා අවම System සුදුසුකම්:

  • RAM: 256 MB of RAM
  • CPU: PIII systems
  • Disk space: 2.7 GB of drive space

3. SparkyLinux

අපේ ලිස්ට් එකේ ඊළගට තියෙන්නේ මේ Sparky කියන ඩිස්ට්‍රො එක. ඉතින් මේ ඩිස්ට්‍රො එකේ වෙනම SIze එකෙන් වැඩි Version එකකුත් තියෙනවා. ඉතින් ඒ Version එක නම් Softwares වලින් පිරිලා. ඔයාට ඒ Version එකේදී නම් Version එක Install කරලා ඉවර උන ගමන් වෙන Softwares Install කරන්න කාලේ වැය කර කර ඉන්නේ නැතුව ඔයාගේ වැඩ පටන් ගන්න පුළුවන්. මොකද ඒ Version එක ඔයාට ඕනේ හැම Software එකකින්ම Pack වෙලා තියෙන්නේ.

ඉතින් මේ ඩිස්ට්‍රො එකත් පදනම් වෙලා තියෙන්නේ Debian වලින්. අනිත් Size එකෙන් අඩු ඩිස්ට්‍රො එක්ක බැලුවම මේ ඩිස්ට්‍රො එකේ කැපී පෙනෙන වෙනස් වෙන්නේ මේ ඩිස්ට්‍රො එකේ ඩෙස්ක්ටොප් Enviroment හෙන ගෝඩක් තියෙනවා. ඒ Desktop Enviroment අතර LXDE, OpenBox/JWM, e17, MATE, LXQt, Cli අඩංගු වෙනවා.

sparky razorqt

antiX සඳහා අවම System සුදුසුකම්:

  • RAM: 256 MB of RAM for LXDE, e17, Openbox, GameOver and 384MB RAM for MATE, LXQt
  • CPU: i486/amd64
  • Disk space: 5 GB of drive space

2. Puppy Linux

Pඉතින් මේ ඩිස්ට්‍රො එකනම් අපිට අපේ Hard එකට දාන්න පුළුවන් ඩිස්ට්‍රො එකක් නෙවෙයි. මේ ඩිස්ට්‍රො එක අපි එකේදී කරන හැම වැඩක්ම අනිත් ඩිස්ට්‍රො වගේ Hard එකේ නෙවෙයි Save කරගන්නේ. මේ ඩිස්ට්‍රො එක අපි කරන වැඩ Save කරගන්නේ Ram එකේ. ඉතින් මේ ඩිස්ට්‍රො එක පාවිච්චි කරන්න ඔයාට ඕනේ වෙන්නේ Pen එකක් හරි CD/DVD Rom එකක් වගේ දෙයක්. මේ ඩිස්ට්‍රො එක කොච්චර පොඩිද කියනවනම් මේ ඩිස්ට්‍රො එකේ Size එක 150 – 200MB අතර වෙනවා.

tahrpup6 desktop in Puppy Linux

ඉතින් ඔයාට මේ ඩිස්ට්‍රො එක පරණ Computers වල හොඳට Speed එකේ පාවිච්චි කරන්න පුළුවන්. එත් මේ ඩිස්ට්‍රො එකත් එක්ක මගේ අත්දැකීම අනුව මේ ඩිස්ට්‍රො එක බර වැඩ කරන්න නම් හරියන ඩිස්ට්‍රො එකක් නෙවෙයි.

ඉතින් මේ ඩිස්ට්‍රො එක තමන්ගේ Size එකත් පොඩියට තියාගෙන සාමාන්‍ය Basic Softwares ටිකක් කලින්ම අපි වෙනුවෙන් Install කරලා තියෙනවා. ඒ අතර Office වැඩ වලට Abiword, Gnumeric Software එක Graphic වැඩ වලටත් පාවිච්චි කරනවා.

Puppy Linux සඳහා අවම System සුදුසුකම්:

  • RAM:  64MB (recommended 256 MB)
  • CPU: 333MHz

1. Tiny Core

ඔන්න එහෙනම් සුදානම් වෙන්න අපේ ලිස්ට් එකේ අංක එක බලන්න. ටාඩ්ඩාඩන්. Tiny Core. මම විශ්වාසයෙන් කියනවා Windows වල පොඩිම Graphic Software එකේ Size එකත් Tiny Core එකේ Size එකට වැඩි කියලා. ඉතින් Tiny Core එකේ Size එක දැනගන්න කැමතිද. MB පහලවයි. පුදුම උනාද. 🙂

Size එකෙන් විතරක් නෙවෙයි ඔයා මේ ඩිස්ට්‍රො එක පාවිච්චි කලොත් මේ ඩිස්ට්‍රො එකෙන් කරන්න පුළුවන් වැඩ බලලත් පුදුම වෙනවා. It boots faster than any other OS. මේ OS එක තමයි ලෝකේ වේගෙන්ම Boot වෙන OS එක. අපිට මේ OS එක ලෝකේ තියෙන වේගවත්ම OS එක කියලත් මතයකට එන්න පුළුවන්.

Tiny core user interface
Tiny Core Linux terminal window

Tiny Core එකට Editions තුනක් තියෙනවා. ඒ editions තුන වෙන්නේ Core, Tiny Core, Core Plus ය. ඉතින් දැන් Core Edition එකේ තියෙන OS Version එකේ Size එක වෙන්නේ MB 9ය. 🙂

ඉතින් අපි මේ OS එකේ හොඳ ගැන කොච්චර කතා කලත් මේ OS එකේ තියෙන නරක පැත්තත් හංගන්න බෑ. ඔයා මේ OS එක පාවිච්චි කරද්දී අඩුපාඩු කම් ගොඩක් හොයා ගනී. මොකද මේ OS එක එක්ක Software ගොඩක් අඩු ප්‍රමාණයක් එන්නේ.

Tiny Core Linux සඳහා අවම System සුදුසුකම්:

  • RAM:  46 MB (recommended 64 MB)
  • CPU: Pentium 2

ඔන්න මම අද ලිපියෙන් ලෝකේ තියෙන පොඩිම ඩිස්ට්‍රො දහය ගැන ගොඩක් දේවල් කතා කරා. ඔන්න කොල්ලනේ අදනම් මට ටිකක් මහන්සි එහෙනම් ඔයාලගේ මොනවහරීම ප්‍රශ්න තියෙනවනම් පහල තියෙන Comment Section එකෙන් අහන්න. එහෙනම් අදට මේ ලිපිය අවසන් වෙනවා.
ඊලග ලිපියෙන් සෙට් වෙමුකෝ. ජය!

දැනට තියෙන Software ටික Terminal එකෙන් List කරමුද?

ඉතින් අපි අද බලන්න යන්නේ DPKG Command එකේ option එකක් වෙන –list පාවිච්චි කරලා අපේ ලිනක්ස් Computer එකේ Install කරලා තියෙන Programme Softwares මොනවද කියලා.

ඉතින් ඒ වගේම මොකක්හරි Software එකක් Programme එකක් අපේ Computer එකේ Install කරලා තියෙනවද කියලත් අපි මේ Command එකෙන්ම අද බලනවා.


ඉතින් මුලින්ම අපිට අපේ Computer එකේ තියෙන Softwares වල ලිස්ට් එකක් ඕනේ නම් අපි ගහන්න ඕනේ Command එක වෙන්නේ

dpkg --list 

ඉතින් මේ Command එක ගහනවට වඩා ලේසියෙන් ඔයාට ඒ Software ලිස්ට් එකම

cat dpkg --list

කියන Command එක ගහල බලන්න පුළුවන්. ඉතින් ඔයා බලයි මෙතන මොකක්ද තියෙන ලෙසිය කියලා.

මචන් කොල්ලෝ මෙතන තියෙන වාසිය dpkg –list කියලා ගැහුවම අපිට හැම Software එකෙන් Programme එකෙන් නමෙන් නමට අපි ඊලග Software එකේ නම පෙන්වන්න Enter එක ගහ ගහ ඉන්න ඕනේ.

එත් cat කියන Command එක dpkg –list කියන command එකේ මුලට ගැහුවම හැම Software එකේ නමකටම අපි Enter එක ඔබ ඔබ ඉන්න ඕනේ නෑ.

ඔන්න දැන් අපි බලමු අපේ කොම්පියුටරේ අපිට අවශ්‍ය Software Install කරලද තියෙන්නේ කියලා. ඉතින් අපි මේ විදිහට අවශ්‍ය Software Install කරලද තියෙන්නේ කියලා බලන්න ගහන්නෙත් අර කලින් Software ලිස්ට් එක ගන්න ගහපු කොම්මාන්ඩ් එකමයි.

එත් මේ පාර අපි ටිකක් අලුතෙන් filters කිහිපයක් එකතු කරනවා. ඉතින් පොඩි Command Programme එකක් තියෙනවා Grep කියලා. ඉතින් මේ Programme එකෙන් අපිට අවශ්‍ය විදිහට අපිට Install කරලා තියෙනවද නැද්ද කියලා දැනගන්න තියෙනවනම් ඒ Software එක ගැන විස්තර Filter කරලා ගන්න පුළුවන්.

ඉතින් එකට ගහන්න ඕනේ කොම්මන්ඩ් එක තමයි,

cat dpkg –list | grep “software-එකේ-නම “

ඉතින් මේ විදිහට ගැහුවම ඔයාට ඔයා දුන්න නම තියෙන Software එකක් තියෙනනම් ඒක ගැන විස්තරයක් එයි. එහෙම Software එකක් Install කරලා නැත්නම් මුකුත් පෙන්වන එකක් නෑ.

ඉතින් ඔය විදිහට ඔයාට ඔයාගේ කොම්පියුටරේ Install කරලා තියෙන Software ලිස්ට් එකක් ඒ වගේම Software එකක් Install කරලද තියෙන්නේ කියලා Check කරන්නත් පුළුවන්. ඉතින් අද ලිපිය ඔයාට උදව්වක් වෙන්න ඇති කියල මම හිතනවා. ඉතින් මොනවහරි ප්‍රශ්න තියෙනවනම් යන්න අපේ Comment Section එකට ගිහින් ප්‍රශ්නේ දාන්න.
එහෙනම් මන් ගියා. සුභ දවසක්. ජය!

Nmap Hacking Tool එක උබුන්ටු වල

ඉතින් ඔයාල දන්නවනේ කාලි linux වල තියෙන Nmap කියන ටූල් එක ගැන. ඉතින් ඔයා දන්නවා නම් ඊලග Section එකට යන්න හැබැයි ඔයා දන්නේ නැත්නම් මොකක්ද මේ ටූල් එක කියන්නේ කියලා Nmap කියන්නේ අපි Connect වෙලා ඉන්න Wire, Wireless Router එකට Connect වෙලා ඉන්න අනිත් Computer Scan කරලා එවල තොරතුරු එකතුකරගන්න Software එකක්. මන් මෙතන තොරතුරු කිව්වේ එයාලගේ Computer එක Windows නම් Windows Version එක Linux නම් Linux Distro එක. එයාලා පාවිච්චි කරන Softwares, Packages මොනවද. එයාලගේ මේ වෙලාවේ මොන Ports ද Open වෙලා තියෙන්නේ වගේ තොරතුරු.
ඉතින් මේ වගේ තොරතුරු එකතු කරන එක Hacking කිරීමේ පලවෙනි පියවරයි. මේ විදිහට තොරතුරු එකතු කිරීම අපි Hacking ලෝකේ හදුන්වන්නේ reconnaissance කියලා. ඉතින් අපිට reconnaissance කරන්න ගොඩක් විදිහවල් තියෙනවා අපිට Nmap සහ අනෙකුත් Softwares, Tools පාවිච්චි කරන්න පුළුවන් තව අපේ Target එක ගැන තොරතුරු හොයන්න එයාලගේ Internet එකට Connect කරලා තියෙන CCTV බලන්න පුළුවන් මේවගේ ගොඩක් විදිහවල් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Nmap Install කරගන්න විදිහ ගැන. මොකද මන් ඉදිරියට Nmap ටූල් එක ගැන Tutorial Series එකක් ගෙන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් nmap උබුන්ටු වල Install කරන්න,

sudo apt-get install nmap

Command එක ගහන්න.
ඉතින් ඒ Command එක ගහලා Install කරන්න. ඉතින් අදින් පස්සේ මම Linux සාමාන්‍ය ලිපි වගේම Linux Hacking වල Nmap ටූල් එකේ ලිපිත් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එක්කම ඉන්න.

ඊලග ලිපියෙන් හම්බවෙමු. ජය!

උබුන්ටු වල Brightness අඩු කරමු

උබුන්ටු වල Brightness අඩු කරමු කිව්වට ඉතින් මේ ක්‍රමය ගොඩක් Linux ඩිස්ට්‍රො වලට වැඩ කරනවා.

ඉතින් ඔයාල දන්නවනේ අපි Linux ඩිස්ට්‍රො එකක් එක දිගට පාවිච්චි කරද්දී අපේ ඇස වලට එහෙම අමාරු වෙනවා කියලා.

ඉතින් උබුන්ටු වල නම් තාම එයාලගේ Updates වලින් Brightness Control කරන්න පහසුකම් අපිට දීලා නෑ.

ඉතින් අපි අද බලන්න යන්නේ වෙනම Software එකක් පාවිච්චි කරලා උබුන්ටු ඇතුළුව අනෙකුත් ඩිස්ට්‍රො වල Screen එකේ Brightness අඩු කරන්නේ කොහොමද කියලා.

ඉතින් මේ Software එකේ නම Brightness-Controller. ඉතින් අපි මුලින්ම බලමු මේ Software එක Install කරන්නේ කොහොමද කියලා.

Brightness-Controller එක Install කරමු

හැම දෙයක්ම කරන්න කලින් Terminal එක Open කරගන්න.

Terminal එක Open කරගත්තට පස්සේ,

sudo add-apt-repository ppa:apandada1/brightness-controller
sudo apt-get update
sudo apt-get install brightness-controller

Commands තුන පිළිවෙලට ගහලා Brightness-Controller එක Install කරගන්න. ඊට පස්සේ ඔයාට Application Menu එකට ගිහින් Brightness-Controller එක Open කරගතහැකි.

ඉතින් Brightness-Controller එක Open කරගත්තට පස්සේ එකත් එක්ක ඔයාට ඕන විදිහට Brightness Adjust කරගන්න.

තව දෙයක්,

ඔයාට Brightness Controller එක අයින් කරන්න ඕනේ නම්,

sudo apt-get remove brightness-controller && sudo apt-get autoremove

Command එක ගහන්න.

ඉතින් එහෙනම් අද ඔන්න මම Brightness Adjust කරන විදිහ ගැන ලිපියක් ගේනවා. ඉතින් ඔයාට මේ Software එක Install කරගද්දී හරි පාවිච්චි කරද්දී හරි ප්‍රශ්නයක් අවා නම් පහලින් Comment කරන්න. එහෙනම් ඊලග ලිපියෙන් සෙට් වෙමු. ජය!

Visual Studio Code එක උබුන්ටු වල ස්ථාපනය කරන ආකාරය

Microsoft ආයතන අප නොසිතු ලෙස ඔව්න්ගේ Visual Studio Code කියන Editor එක Linux වලට Release කරලා තියෙනවා.

ඉතින් මේ Code Editor එක ලෝකේ තියෙන හොඳම Code Editors අතර තමන්ගේ නම ඉහලින්ම තියාගෙන ඉන්න Code Editor එකක්. ඉතින් මේ Software එක ගොඩක්ම පාවිච්චි කරන්නේ වෙබ් Developers ලා. ඉතින් ඔයත් මන් වගේ Web Developer කෙනෙක් නම් ඔයාට මේ News එක ගොඩක් වැදගත් වෙයි.

ඉතින් මේ වගේ Code Editor එකක් Linux වලට Release වෙන එක ගැන මට නම් තියෙන්නේ මාර සතුටක්.

එහෙනම් අපි දැන් බලමු මේ Software එක Install කරන්නේ කොහොමද කියලා

ඉතින් ඔයාට කරන්න තියෙන්නේ Terminal එක ඔපෙන් කරගෙන,

sudo snap install code --classic

Command එක ගහන්න. එච්චරයි.

ඔන්න දැන් ඔයාට ඔයාගේ Web Development වැඩ Linux වල ඉදන්ම කරගත හැකි.

එහෙනම් අද ලිපියෙන් මන් මේ විදිහට සමු ගන්නවා. ආයේ ඊලග ලිපියෙන් සෙට් වෙමුකෝ. ජය!

අපේ සිංහල Linux Community එකට එක වන්න. එන්න “Linux Users ශ්‍රී ලංකා” එකට

ඉතින් ඕයා වගේ සිංහල Linux Geeks ලා මේ ලංකාවේ ගොඩක් ඉන්නවා. ඉතින් මේ අයත් එක්ක එකතු වෙලා කතා කරලා තම තමන්ගේ සුපිරි Ideas බෙදාගන්න එකතු වෙන්න “Linux Users ශ්‍රී ලංකා” අපේ Group එකට.

ඉතින් අද ලිපිය ගැන මොකද හිතන්නේ පහලින් Comment කරන්න.

එහෙනම් මන් ගියා. ආයේ සෙට් වෙමුකෝ. ජය!

Linux ලෝකේ නැවතුම්පල Distrowatch.com

ඉතින් ඔයා දන්නවද Linux ලෝකේ දැන් ඉන්න රජතුමා බලන්න මේ වෙද්දී එන්න එන්න පහලට ගිහින් තියෙන Linux Distributions ගැන බලන්න තව එක එක Linux Distributions වල විස්තර බලන්න Website එකක් තියෙනවා කියලා. ඉතින් මේ Website එකේ නම වෙන්නේ Distrowatch. මේ Website එකට ගිහින් ඔයාට Linux ලෝකේ තියෙන Distributions ගොඩක් ගැන විස්තර බලන්න පුළුවන්.

ඉතින් ඔයා මේ Website එක ගැන කලින් දැනගෙන හිටියද නැත්නම් අද ද දැනගත්තේ. පහලින් Comment කරන්න.

එහෙනම් ඊලග ලිපියෙන් සෙට් වෙමු. මන් ගියා. ජය!

Computer එක ON කරන්න OFF කරන්න Commands 4ක්

ඉතින් ඔයා දන්නවනේ අපිට Computer එකේ Shutdown, Power Off වගේ Options ටිකක් තියෙනවා කියලා. ඉතින් ඔයාට ඔයාගේ Computer එක OFF කරන්න ඕනේ නම් Computer Screen එකේ උඩ දකුණු කෙලවරට ගිහින් Option මෙනු එක ඔපෙන් කරලා Shutdown කරන්න පුළුවන්. ඉතින් මේ වගේ Shutdown කරන එක Computer එක HLT කරන එක Terminal එකෙන් කරන විදිහ තමයි අපි අද බලන්න යන්නේ.

එහෙනම් තවත් බලාගෙන ඉන්නේ නැතුව අපි පටන් ගමු.

01. Computer එක Shutdown කරමු.

shutdown command එකේ Usage Syntax එක වෙන්නේ.

shutdown [option] [time] [message]

Computer එකට බල කරලා ඉක්මනට Shutdown කරන්න,

shutdown -h now

Command එක පාවිච්චි කරන්න.


shutdown -h +5 "Shutdown..."

එකේ මෙතන +5 කියන්නේ විනාඩි 5යි කියන එක. මේ Command එකෙන් කරන්නේ ඊලග විනාඩි පහ ඇතුලත Computer එක Off කරන එක.


Computer එක Normal විදිහට Shutdown කරන්න,

shutdown

Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක Shutdown වෙයි.


අයේ shutdown වෙන එක Cancel කරන්න,

shutdown -c

Command එක ගහලා Enter කරන්න

02. Computer එක Restart කරමු.

Computer එක Restart කරන්න,

reboot

Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක Restart වෙයි.


Computer එක බල කරලා Restart කරන්න.

reboot -f

Command එක පාවිච්චි කරන්න.

03. Computer එක Power off කරන්න.

Computer එක Power off කරන්න,

poweroff

Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක Power off වෙයි.

04. Computer එක HLT කරන්න.

මේ Command එකෙන් Computer එක එක සැරේ OFF වෙලා යනවා. හරියට අකුණක් ගැහුවා වගේ. මම මේ Command එක ඔයාලට පාවිච්චි කරන්න නිර්දේශ කරන්නේ නෑ.

මොකද මේ Command එක හින්ද ඔයාගේ Computer එකේ එක එක අවුල් යන්න පුළුවන්.

Computer එක HLT කරන්න,

hlt

Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක hlt වෙයි.

ඔන්න ඉතින් අදත් අපේ බ්ලොග් ලිපිය මේ විදිහට ඉවර වෙනවා. මම මේ වගේ ලිපි ඉදිරියටත් ගෙන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් එහෙනම් ඊලග ලිපියෙන් හම්බවෙමුකෝ. මන් ගියා. ජය!

Terminal එකෙන් ඕනම Website එකක් Download කරමු

ඉතින් යාලුවනේ අද අපි බලන්න යන්නේ ඕනම Website එකක Complete Files නැත්නම් Source Code එක සැරේ Terminal එක පාවිච්චි කරලා Download කරන විදිහ ගැන.

ඉතින් බලන්නකෝ මේ Terminal එක අපිට කොච්චර උදව් වෙනවද කියලා. මම Linux වලට ගොඩක් ආදරේ කරන්නෙත් එකේ තියෙන Windows වල නැති Terminal එක නිසා.

එහෙනම් Website එකක් Download කරමු.

පියවර 01: Website එක Download කරන්න Folder එකක් හදන්න.

මුලින්ම Website එකේ Files Download කරලා Save කරගන්න Folder එක හදන්න. ඊට පස්සේ ඒ Folder එක ඇතුලට යන්න.

02. දැන් Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න

Right click කරලා “Open In Terminal” option එක තෝරන්න.

දැන්,

sudo wget www.ikman.lk

කියන Command එක ගහන්න. මෙතන ikman.lk වෙනුවට ඔයාට Files ගන්න ඕනේ Website එකේ Address එක ගහලා Enter කරන්න.

බූම්! ඔන්න දැන් ඔයාට ඕනේ Files ඔයාගේ Folder එකේ Save වෙලා ඇති. ගිහින් බලන්න.

ඉතින් මේ ලිපිය ඔයාට මොනම විදිහකින් හරි උදව්වක් වෙන්න ඇති කියල හිතනවා. එහෙනම් ඊලග ලිපියෙන් හම්බ වෙමු. ජය!