Github එක එක්ක Linux වලදී වැඩකරන්න GitKraken

ඉතින් කොල්ලනේ ඔයා Computer වල මොනවහරිම පැත්තක Developer කෙනෙක් නම් ඔයා අනිවා Github එක ගැන දන්නවා ඇති. ඉතින් ඒ එකක්ම මේ Github එකේ අපේ Repository එකත් එක්ක කරන Pull, Push ඔයවගේ Request ගැනත් දන්නවා ඇති. ඉතින් Github එකත් එක්ක මේ Requests කරන්න නම් අපිට Github Client Software එකක් ඕනේ වෙනවා.

Github Client Softwares කිව්වම Windows වලට MacOS වලට නම් ඇති වෙන්න GitHub Client Softwares තියෙනවා. එත් Linux ලෝකේ ඉන්න අපිට කාලෙක ඉදන්ම කිසිම Github Client Software එකක් තිබුනේ නැ.

එත් කොල්ලනේ මට මේ ලඟදි දැනගන්න ලැබුණා අපේ Linux Platform එක වෙනුවෙනුත් හොද Graphical User Interface එකක් තියෙන Github Client Softwares Release වෙලා තියෙනවා කියලා. ඉතින් මමත් නිකන් හිටියේ නෑ දාගේන හෙවුවා මොකක්ද මේ හොඳ Github Client Software එක කියලා.

ඉතින් මම මෙහෙම හොයද්දි මට Github Client Software දෙක තුනක්ම හම්බවුනා,

  • GitCola
  • SmartGit
  • Giggle
  • Gitg
  • Git GUI

එත් මේ Softwares එකක්වත් මට ඕනේ වෙලා තිබුන හොඳ User Experience එකක් මට දුන්නේ නෑ. ඉතින් මන් තවත් ඉන්ටර්නෙට් එක පිර පිර හෙව්වා හොඳ GitHub Client Software එකක්.


ඔන්න එත් එක්කම මට GitKraken කියන පට්ට Software එක හම්බුනා. ආයේ කතා කරන්න දෙයක් නෑ පට්ට. පට්ටම User Experience එකක් මට ඒ Software එකෙන් ලැබුනේ.

ඉතින් මම හිතනවා ඔයත් මේ Computer වල කොයිම පැත්තෙන් හරි Developer කෙනෙක් නම් මේ Software එක පාවිච්චි කරන්න ඕනේ කියලා

ඉතින් ඔයාලට GitKraken Software එක Terminal එකෙන් install කරන්න ඕනේ නම්,

පියවර 01 (කොහොමත් එක පියවරයි තියෙන්නේ)

snap install gitkraken

01.ඔය තියෙන විදිහට “snap install gitkraken” Command එක ගහල Install කරගන්න

එච්චරයි තියෙන්නේ. සිම්පල්. වැඩේ ගොඩ.

ඔයාට Terminal එකේන් Install කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් අවොත් පහල Comment Section එකෙන් මට කියන්න මම උපරිම Support එක දෙන්නම්.

නැත්නම් ඔයාට එයාලගේ Official වෙබ් අඩවියට ගිහින් .DEB පැකේජ් එකෙන් GitKraken Install කරගත හැකි. එයාලගේ වෙබ් අඩවියට මෙතනින් යන්න.

ඉතින් මේ ලිපිය ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ආයේ පස්සේ හම්බවෙමුකෝ. ජය!

Ubuntu දැන් හැම Flavour එකකින්ම

ඔබ දන්නවා Linux ඕනෑම Distro එකක් අපිට ඕන විදිහට ලස්සනට Customize කරගත්ත හැකි කියලා. ඉතින් මේ වගේ එක එක විදිහට එක එක අයට ගැලපෙන විදිහට Customize කරපු Ubuntu මත පදනම් වූ Distro ගොඩක් අද Release උනා.

ඒවගේම මේ Ubuntu මත පදනම්ව Ubuntu Customize කරලා හදපු මේ Distro සෙට් එකට එයාල නම දාලා තියෙන්නේ Ubuntu Flavours කියලා,

එම Ubuntu Flavours වනුයේ,

01.Kubuntu

Kubuntu භාවිතා කරන්නේ KDE Plasma Desktop Enviroment එක

02.Lubuntu

Lubuntu ඉතාමත් වේගවත් ඒවගේම ප්‍රමාණයෙන් කුඩා Ubuntu Flavour එකකි. මෙහි භාවිතා වනුයේ LXQt Desktop Enviroment එකය

03.Ubuntu Budgie

Ubuntu Budgie පාවිච්චි කරන්නේ Budgie Desktop Enviroment එකයි. ඒවගේම Ubuntu Budgie ගොඩක්ම Focus කරලා තියෙන්නේ එකේ Simplicity එකය

04.Ubuntu Kylin

Ubuntu Kylin හදල තියෙන්නේ ගොඩක්ම චිනේ අයට පාවිච්චි කරන්න

05.Ubuntu Mate

Ubuntu Mate එකත් ගොඩක්ම Simplicity එක Focus කරලා හදපු Ubuntu Flavoured Distro එකක්. මේකේ Desktop Enviroment එක වෙන්නේ Gnome 2 Desktop Enviroment එකය. ඇත්තටම Gnome 2 Desktop Enviroment එකෙන් Distro හදන එක නැවැත්තුවේ 2010 දී. එත් හැමෝවම පුදුම කරමින් Canonical ආයතනය නැවතත් ඒ Gnome 2 Desktop Enviroment එක පාවිච්චි කරන්න අරන්.

06.Ubuntu Studio

Ubuntu Studio Distro එකනම් ගොඩක්ම Focus කරලා තියෙන්නේ ඔය Content Creators ලව. එකේ Content Creators ලට ඕන හැම ටූල් එකක්ම තියෙනවා.

07.Xubuntu

Xubuntu ඉතාමත් වේගවත් Xfce Desktop Enviroment එකේ Run වෙන Ubuntu Flavoured Distro එකක්

08.Ubuntu (මේකනම් Flavour එකක් නෙවෙයි)

ඔන්න රැවටෙන්න එපෝ. මේක Flavour එකක් නෙවෙයි. මම මේ Ubuntu එක දැන්මේ නිකන්.

ඉතින් මේ Distro Flavours අතරේ ඔයාගේ හිත ගියපු Distro එකක් තියෙනවද? Download කරගන්න කැමතිද? එහෙනම් මේ ලින්ක් එකට යන්න.


ඕන දෙයක් පහල comment section එකෙන් අහන්න. එහෙනම් මම ගියා. ජය!

Twitter Linux මත

Tweets දවසකට මිලියන 400ය කටද වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරුවන Twitter platform එක Linux Servers මතට මාරු වීමට තීරණය කොට ඇත.

Twitter සමගම ඔව්න්ගේ මුළු Platform එකම Linux Servers මත ක්‍රියාකිරීමට ඔව්න්ට වියදම් වී ඇත්තේ ඩොලර් 15,000සක් පමණ සුළු මුදලකි.

ක්රිස් ඇනිසික් Twitter Platform එක Linux මතට ගැනීම මතින් ඉතා හොඳ දියුණුවක් Twitter සමාගමට ලබා ගැනීමට හැකි වන බව පවසා සිටියෙය.

ක්රිස් ඇනිසික් මෙසේ පවසා සිටියේ Tweet එකක් මගිනි(@cra)

Linux පිස්සෙක්ද? එහෙනම් T-Shirt එකක් Design කරන්න.

T-Shirt තරගයක් පැවැත්වීමට නියමිතය

Linux ජාත්‍යන්තර සංසදය මෙම අවුරුද්දෙහි T-Shirt තරගයක් පැවැත්වීමට නියමිතය. මේ සඳහා ඔව්න්ගේ තේමාව වනුයේ “ඔබත් linux පිස්සෙක්ද?” ය.

ඔබගේ T-Shirt සඳහා චිත්‍ර සුදානම් කරගන්න

ඔබගේ T-Shirt සඳහා චිත්‍ර සුදානම් කරගන්න. නීති පිළිබඳව දැන ගැනීම සහ අනිකුත් තොරතුරු දැන ගැනීම සඳහා මෙම ලින්ක් එකට යන්න

ඉතින් මෙම තරඟය ගැන ඔබගේ අදහස මොකක්ද? පහලින් comment කරන්න.