හැම Linux User කෙනෙක්ම දැන ගත යුතු Linux Keyboard Shortcuts 10ක්

අපි Computer එකේ වැඩ කරද්දී අපි කරන වැඩේ ලේසි කරගන්න අපි හැමොම KeyBoard Shortcuts පාවිච්චි කරනවා. ඉතින් මම අද ගෙනල්ලා තියෙන්නේ හැම Linux User කෙනෙක්ම් දැන ගත යුතු Keyboard Shortcuts 13ක්.

01. Linux වලට අවශ්‍යම Keyboard Shortcuts

එහෙනම් Linux වලට පාවිච්චි කරද්දී අවශ්‍යම වන මේ Linux Keyboard Shortcuts මොනවද කියල අපි බලමු. ඉතින් මම මේ ලිස්ට් එකට ඔය Copy, Paste කරන Keyboard Shortcuts එහෙම මම දැම්මේ නැ. ඒවගේ Shortcuts ඉතින් Linux, Windows, Mac ඔය ඔක්කොටම පොදුයිනේ.

01. Windows Logo එක තියෙන Key එක: Activities Overview එක

මේ Windows Logo එකත් එක්ක තියෙන Key එකට අපි Super Key එක කියලත් කියනවා.
ඉතින් ඔයාට අලුතෙන් Software එකක් Open කරන්න ඕනෙද? එහෙනම් Super Key එක ඔබන්න. Search කරන්න.

ඉතින් ඔයාට ඔයා දැනට වැඩ කරන Softwares අතරේ ඉක්මනට මාරු වෙන්න ඕනෙද? Super Key එක ඔබන්න. මාරුවෙන්න.

ඉතින් ඔයාගේ Workspaces අතර ඉක්මනට මාරු වෙන්න ඕනෙද? Super Key එක ඔබන්න. මාරුවෙන්න.

ඉතින් මේ Super Key එක මේ වගේ වැඩ ගොඩක් අපිට ලේසි කරලා දෙනවා.

02. Ctrl+Alt+T: Terminal එක Open කරන්න

ඉතින් ඔයාට ඉක්මනටම Terminal එකක් Open කරන්න ඕනේ නම් කරන්න තියෙන්නෙ Ctrl + Alt + T ඔබන්න විතරයි. මේක මේ Keyboard Shortcut එක තමයි මම ආසම Keyboard Shortcut එක

03. Ctrl+Alt+L: Screen එක Lock කරන්න

ඔයා වැඩ කරන අතරමග ඔයාට පොඩි Brake එකක් ගන්න ඕනේ උනොත් ඔයාට කරන්න පුළුවන් හොඳම Security Option එක වෙන්නේ ඔයාගේ Screen එක Lock කරන එක.

ඉතින් Screen එක Lock කරන්න අමාරුවෙන් හොයා හොයා ඉන්නේ නැතුව මේ Shortcut එක පාවිච්චි කරා නම් හරිනේ.

ඉතින් Screen එක Lock කරන්න Shortcut එක වෙන්නේ Ctrl + Alt + L ය.

04.Windows Logo එක තියෙන Button එක + A : Application menu එක ගන්න

ඉතින් ඔයාට ඉක්මනට Linux වලදී Software මෙනු එක ඔපෙන් කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ. Windows Key එකයි A එකයි ඔබන එක.

ඉතින් මේ Application Menu එකෙන් අයින් වෙන්න Esc Button එක ඔබන්න.

05. Super+D or Ctrl+Alt+D: Desktop එක පෙන්වන්න

ඉතින් ඔයාට දැන් Run වෙන Softwares ඔක්කොම එක සැරේ Minimize කරලා desktop එකට යන්න ඕනේ නම් මේ Keyboard Shortcut එක පාවිච්චි කරන්න.

06. Super+Tab or Alt+Tab: මේ වෙලාවේ දුවන Softwares අතර මාරු වෙන්න

ඉතින් ඔයා දැන් දුවන Softwares අතර මාරු වෙන්න මේ Keyboard Shortcut එක පාවිචි කරන්න.

07. Windows Key + Arrow Keys

දැන දුවන Software එක Minimize කරන්න Maximize කරන්න. Desktop එකේ ලේසියෙන් Softwares හසුරවන්න ඔයාට මේ Keyboard Shortcut එක ගොඩක් උදව් වෙයි.

08. Super+M: Notification Tray එක ගන්න

ඉතින් ඔයාට එන Notifications බලන්න. Calender එක බලන්න මේ Notification මෙනු එක ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ Notification Try එක ඔපෙන් කරන්න නම්:

Super+M ඔබන්න. Close කරන්නත් එකම ඔබන්න.

09. Alt+F2: Console Command එකක් ඉක්මනට Run කරන්න

මේක ගොඩක්ම අවශ්‍ය වෙන්නේ Linux කුඩු කරලා බීපු එවුන්ට. එහෙම එවුන්ට Linux Console Command එකක් ඉක්මනට Run කරන්න ඕනේ නම් මේ Shortcut එක පාවිච්චි කරන්න.

10. Ctrl+Alt+Del: Log out වෙන්න

ඉතින් ඔයාට ඉක්මනට Log Out වෙන්න ඕනේ නම් මේ Keyboard Shortcuts පාවිච්චි කරන්න.

02. අලුත් Shortcuts ඔයාම හදාගන්න

Shortcuts වලට Limit එකක් නැනේ ඉතින් ඔයාට ඇති තරම් Shortcut හදාගන්න පාවිච්චි කරන්න පුළුවන්.

ඉතින් ඔයාට අලුත් Shortcut එකක් එකතු කරගන්න කරන්න තියෙන්නේ

Settings->Devices->Keyboard යන්න විතරයි. එතන Shortcuts Add කරන්න Button එකක් ඇති එතන ඔයාට ඕන විදිහට Shortcut එක හදාගන්න. මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් පහල comment section එකෙදී අහන්න.

ඉතින් මේ Shortcuts අතරින් ඔයාට නැතුවම බැරි Shortcut එක මොකක්ද? පහලින් Comment කරන්න.

Linux එකේ Graphic වැඩ කරන්න ඕනෙද? එහෙනම් Install කරගන්න Krita

ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මගේ දැකීම අනුව Linux වල Graphic වැඩ කරන්න තියෙන හොඳම Tool එක Install කරන හැටි.

ඉතින් මේ Tool එකේ නම නම් Krita. පට්ට ටූල් එක. මේ ටූල් එක ටික කාලයක් පාවිච්චි කරද්දී ඔයාට මේක Photoshop වලටත් වැඩිය හොඳයිනේ කියලා හිතෙයි. එතරම් පට්ට Graphic කරන්න තියෙන Software එකක් මේක.


ඉතින් මේක ඔයාගේ Linux System එකේ Install කරන්න නම්,

snap install krita

ඔය උඩ තියෙන විදිහට “snap install krita” කියන command එක ගහලා Install කරගන්න

ඉතින් Install Process එක හරියට ඉවර උනානම් Well Done. හරියට ඉවර වෙන්නේ නැතුව Error එකක් ආවනම්,

sudo apt-get install krita

ඔය උඩ තියෙන විදිහට “sudo apt-get install krita” command එක ගහන්න.

ඉතින් තාමත් Error එකක් එනවනම් පහල comment section එකෙන් ප්‍රශ්නේ මොකක්ද කියල දන්න. මම ඉන්නවා ප්‍රශ්නේ විසඳ ගන්න Full සුප්පොර්ට් එක දෙන්න.

එහෙනම් මම ගියා කොල්ලනේ. ජය!

Github එක එක්ක Linux වලදී වැඩකරන්න GitKraken

ඉතින් කොල්ලනේ ඔයා Computer වල මොනවහරිම පැත්තක Developer කෙනෙක් නම් ඔයා අනිවා Github එක ගැන දන්නවා ඇති. ඉතින් ඒ එකක්ම මේ Github එකේ අපේ Repository එකත් එක්ක කරන Pull, Push ඔයවගේ Request ගැනත් දන්නවා ඇති. ඉතින් Github එකත් එක්ක මේ Requests කරන්න නම් අපිට Github Client Software එකක් ඕනේ වෙනවා.

Github Client Softwares කිව්වම Windows වලට MacOS වලට නම් ඇති වෙන්න GitHub Client Softwares තියෙනවා. එත් Linux ලෝකේ ඉන්න අපිට කාලෙක ඉදන්ම කිසිම Github Client Software එකක් තිබුනේ නැ.

එත් කොල්ලනේ මට මේ ලඟදි දැනගන්න ලැබුණා අපේ Linux Platform එක වෙනුවෙනුත් හොද Graphical User Interface එකක් තියෙන Github Client Softwares Release වෙලා තියෙනවා කියලා. ඉතින් මමත් නිකන් හිටියේ නෑ දාගේන හෙවුවා මොකක්ද මේ හොඳ Github Client Software එක කියලා.

ඉතින් මම මෙහෙම හොයද්දි මට Github Client Software දෙක තුනක්ම හම්බවුනා,

  • GitCola
  • SmartGit
  • Giggle
  • Gitg
  • Git GUI

එත් මේ Softwares එකක්වත් මට ඕනේ වෙලා තිබුන හොඳ User Experience එකක් මට දුන්නේ නෑ. ඉතින් මන් තවත් ඉන්ටර්නෙට් එක පිර පිර හෙව්වා හොඳ GitHub Client Software එකක්.


ඔන්න එත් එක්කම මට GitKraken කියන පට්ට Software එක හම්බුනා. ආයේ කතා කරන්න දෙයක් නෑ පට්ට. පට්ටම User Experience එකක් මට ඒ Software එකෙන් ලැබුනේ.

ඉතින් මම හිතනවා ඔයත් මේ Computer වල කොයිම පැත්තෙන් හරි Developer කෙනෙක් නම් මේ Software එක පාවිච්චි කරන්න ඕනේ කියලා

ඉතින් ඔයාලට GitKraken Software එක Terminal එකෙන් install කරන්න ඕනේ නම්,

පියවර 01 (කොහොමත් එක පියවරයි තියෙන්නේ)

snap install gitkraken

01.ඔය තියෙන විදිහට “snap install gitkraken” Command එක ගහල Install කරගන්න

එච්චරයි තියෙන්නේ. සිම්පල්. වැඩේ ගොඩ.

ඔයාට Terminal එකේන් Install කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් අවොත් පහල Comment Section එකෙන් මට කියන්න මම උපරිම Support එක දෙන්නම්.

නැත්නම් ඔයාට එයාලගේ Official වෙබ් අඩවියට ගිහින් .DEB පැකේජ් එකෙන් GitKraken Install කරගත හැකි. එයාලගේ වෙබ් අඩවියට මෙතනින් යන්න.

ඉතින් මේ ලිපිය ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ආයේ පස්සේ හම්බවෙමුකෝ. ජය!

Twitter Linux මත

Tweets දවසකට මිලියන 400ය කටද වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරුවන Twitter platform එක Linux Servers මතට මාරු වීමට තීරණය කොට ඇත.

Twitter සමගම ඔව්න්ගේ මුළු Platform එකම Linux Servers මත ක්‍රියාකිරීමට ඔව්න්ට වියදම් වී ඇත්තේ ඩොලර් 15,000සක් පමණ සුළු මුදලකි.

ක්රිස් ඇනිසික් Twitter Platform එක Linux මතට ගැනීම මතින් ඉතා හොඳ දියුණුවක් Twitter සමාගමට ලබා ගැනීමට හැකි වන බව පවසා සිටියෙය.

ක්රිස් ඇනිසික් මෙසේ පවසා සිටියේ Tweet එකක් මගිනි(@cra)

Linux පිස්සෙක්ද? එහෙනම් T-Shirt එකක් Design කරන්න.

T-Shirt තරගයක් පැවැත්වීමට නියමිතය

Linux ජාත්‍යන්තර සංසදය මෙම අවුරුද්දෙහි T-Shirt තරගයක් පැවැත්වීමට නියමිතය. මේ සඳහා ඔව්න්ගේ තේමාව වනුයේ “ඔබත් linux පිස්සෙක්ද?” ය.

ඔබගේ T-Shirt සඳහා චිත්‍ර සුදානම් කරගන්න

ඔබගේ T-Shirt සඳහා චිත්‍ර සුදානම් කරගන්න. නීති පිළිබඳව දැන ගැනීම සහ අනිකුත් තොරතුරු දැන ගැනීම සඳහා මෙම ලින්ක් එකට යන්න

ඉතින් මෙම තරඟය ගැන ඔබගේ අදහස මොකක්ද? පහලින් comment කරන්න.

මෙම අවුරුද්ද අවසානයේදී Steam එක Linux එකේ Run වෙනවා ඔයාටත් බලන්න පුළුවන් වෙයි

Steam Linux සඳහා නිශ්චිතයි

Steam Linux සඳහා නිශ්චිතයි යන ලිපිය අපගේ ලිපි අතර ඉතාම ජනප්‍රියත්වයට පත් උනා. එත් මම ඒ ලිපිය ලිව්වේ අප්‍රියේල් පළවෙනිදා මෝඩයාගේ දවස නිසානේ. දැන් ඉතින් අප්‍රීයේල් මාසේ ඉවර වෙලා ගොඩක් කල්නේ.

Steam Linux සඳහා නිකුත් වීම Confirm

ඉතින් මේ අවුරුද්ද අවසානයේදී Steam Linux සඳහා නිකුත් වීම Confirm වෙලා තියෙනවා.

ෆොරෝන්ක්ස් මයිකල් ලාරාබෙල් මහතා Steam Linux සඳහා නිකුත් වන බව මිට පෙරද පවසා තිබෙනවා. නමුදු එතුමා එලෙස පවසන විට මිනිසුන් සිතුවේ මෙම ආරංචිය නිකන් පැතිරිලා යන බොරුවක් කියලයි. නමුදු මෙම අවුරුද්දේ නැවතත් Steam ආයතනය තම සේවාව Linux පද්ධතිය සඳහාද නිකුත් කරන බව නිල වශයෙන් ප්‍රකාශ කොට ඇත.

Steam Company එක SteamOS කියලා OS එකක් හදනවා

ඒවගේම තවත් පොඩි ආරංචියක් මේ දවස් වල පැතිරෙනවා. Steam Company එක SteamOS කියලා Linux මත පදනම්ව Game ගහන්නම් Operating System එකක් හදනවා කියලා.

ඉතින් ඔයා මොකද හිතන්නේ මේ SteamOS එක ගැන? පහලින් Comment කරන්න.