Valve Company යේ Steam එකට ස්තුති වෙන්න Linux වල Game ගහන එක දැන් අපිට ගොඩක් ලේසි වෙලා තියෙන්නේ. ඉතින් අපි අද මේ ලිපියෙන් කතාකරන්න යන්නේ Steam Linux වල Install කරලා පාවිච්චි කරන විදිහ ගැන.
ඉතින් මුලින්ම අපි බලමු මේ Steam කියන්නේ මොකක්ද කියලා.
Steam කියන්නේ මොකක්ද?
Steam කියන්නේ Game ගහන්න හදපු Platform එකක්. Steam එකේදී ඔයාට Games සල්ලි වලට ගන්න ගහන්න පුළුවන්. Steam වල තියෙන Social Functionality එක නිසා ඔයාට ඔයාගේ යාලුවෝ එක්ක කතා කර කර Games ගහන්නත් පුළුවන්.
ඉතින් ඔයා එක පාරක් Game එකක් සල්ලි වලට ගත්තොත් ඔයාගේ Steam Account එක පාවිච්චි කරලා ඒ Game එක ඕනේම Device එකක Install කරගන්න පුළුවන්.
ඒවගේම ඔයා බාගෙට ගහලා නවත්තපු Games ඔයාට ඒ නවත්තපු තැන ඉදන් ගහන්න පුළුවන්.
Ubuntu වල Linux Install කරමු

මම මේ ලිපිය ලියද්දි මම පාවිච්චි කරන්නේ Ubuntu 19.04. මම Ubuntu 19.04 පාවිච්චි කරාට අනිත් Ubuntu Versions වලත් Ubuntu Based කරගෙන හැදුනු Linux Distributions වලත් Steam වැඩ කරයි.
Ubuntu Software Center එකේ Steam Installer එක තියෙනවා ඔයාට එතනට ගිහින් ලේසියෙන්ම Steam Installer එක Install කරගන්න පුළුවන්.

මිට අමතරව,
sudo apt-get install steam-installer
කියන Command එක ගහලත් Steam Install කරගන්න පුළුවන්.
Steam Installer එක ගත්තට පස්සේ Application Menu එකට ගිහින් එ Steam Installer එක Open කරගන්න.

ඔයා Steam Installer එක අරන් ඉවර උනාට පස්සේ ඔයා දැන ගනී ඔය Install කරගත්තේ තාම Steam Installer එක විතරයි කියලා. ඔයා මේ Installer එක Open කරන පලවෙනි වතාවේදී ඒ Installer එක Steam Run කරන්න අවශ්‍ය වෙන Packages Install කරලා Steam Install කරයි.

මේ විදිහට Steam Install උනාට පස්සේ Steam එක Open කරගන්න එතකොට,

මෙන්න මේ විදිහට Message එකක් එයි. ඔය දන්නවනේ මෙතනින් එහාට කරන දේ. මෙතන කරන්න තියෙන්නේ ඔයාට Steam Account එකක් තියෙනවා නම් එකට Log වෙන එක ඔයාට Steam Account එකක් නැත්නම් ඉතින් Steam Website එකට මෙතනින් ගිහින් Account එකක් හදාගන්න.
Steam පාවිච්චි කරලා Ubuntu වල Games ගහමු
ඔයා ඔයාගේ Steam Account එකට Log උනාට පස්සේ ඔයාව මේ වගේ Screen එකකට යයි,

ඉතින් අලුතෙන් Games Install කරගන්න Store එකට යන්න. ඒ ඒ Games ගහන්න නිර්දේශ කරලා තියෙන Platform දිහා හොඳ අවදානයක් දෙන්න. Ubuntu සඳහා නම් Steam සලකුණ ගහලා තියෙන Games Ubuntu වල ගහන්න පුළුවන්.

ඔයා Linux වල ඔයා දන්න Game එකක් ගහන්න යනවා නම් ඒ Game එකේ නම Search Box එකේ ගහන්න.

නැත්නම් ඔයාගේ OS එකට අනුව තියෙන Games Filter කරගන්න

Game එකට අවශ්‍ය වෙන System Requirements ගැන අවදානයක් දෙන්න මොකද අවශ්‍ය Ram, VGA නැතුව ඔයාට Game එක හොඳ FPS Rate එකක ගහන්න බැරි වෙයි.

ඔයාට Game එක ගහන්නද ඕනේ නැත්නම් සල්ලි දීලා ගන්නද ඕනේ ඒ අදාල Option එක Select කරන්න.

ඊට පස්සේ ඔයාට පෙන්න Game එක Background එකේ Download වෙයි.

එච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඉතින් game එක Enjoy කරන්න. මොනවහරි ප්‍රශ්න යෝජනා තියෙනවා නම් පහල Comment section එකෙන් අනිවාර්යෙන් දාන්න. එහෙනම් ජය!

/cdn.vox-cdn.com/uploads/chorus_image/image/63193442/steam_stats.0.jpg)